The Leader of The Ceylon News
en en

විදෙස් පුවත්

පකිස්ථානයේ  පිපිරීමකින් තලෙයිබාන් නායකයාගේ සොයුරා මරුට

පකිස්ථානයේ පිපිරීමකින් තලෙයිබාන් නායකයාගේ සොයුරා මරුට

(අශිනි සංජනා) පාකිස්ථානයේ ඉස්ලාම් දේවස්ථානයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් සංවිධානයේ නායකයාගේ සහෝදරයකු ඇතුළු 4 දෙනෙකු මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තලෙයිබාන් නායක හබයතුල්ලා අක්හුන්සාදාගේ සොහොයුරා වන හෆීස් අහමදුල්ලා මෙලෙස මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මීට අමතරව ප්‍රහාරයෙන් තලේබාන් නායක හබයතුල්ලාගේ පුත්‍රයා ඇතුළු 20 දෙනෙකු තුවාල ලබා තිබෙන බවද පැවසෙනවා.  පාකිස්ථානයේ, කටා නගරයෙන් කිලෝමීටර් 25ක් නිරිත දිගින් පිහිටි දේවස්ථානයකට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා. මියගිය අය අතර දේවස්ථානය භාර පූජකවරයා ද සිටින බවයි පැවසෙන්නේ.  ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකුත් බාරගෙන නෑ.