The Leader of The Ceylon News
en en

ප්‍රධාන පුවත්

ජනාධිපතිවරණය හැකිතාක් පසු කරන ලෙස ශ්‍රී.ලං.නි.ප.ය මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි

ජනාධිපතිවරණය හැකිතාක් පසු කරන ලෙස ශ්‍රී.ලං.නි.ප.ය මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි

(නායක බණ්ඩාර) ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත දිනය හැකි උපරිම දිගු දිනය සේ ගෙන නම්කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. හිරු රූපවාහිනී නාලිකාවේ සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව හෙළි කළා. මහින්ද දේශප්‍රිය මහතා මෙහි දී පෙන්වා දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලය සිය කැමැත්තෙන්ම වසරක් අඩු කරගත් අයකු වන බැවින් ඔහුට එම ධුරයේ සිටීමට ඇති වසර 5ක කාලය හෝ උපරිමයෙන් සිටීමේ වරදක් නැති බවයි. ‍කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ සැප්තැම්බර් 15න් පසු ආසන්නතම දිනක ජනාධිපතිවරණයට නාමයෝජනා ගැනීම ආරම්භ කිරීමට බොහෝවිට ඉඩ තිබෙන බවයි. මීට අමතරව දෙසැම්බරයේ පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාග කාලසටහනේ යම් වෙනසක් සිදුකිරීමට අවශ්‍යනම් විභාග කොමසාරිස් ජනරාල්වරයා සමඟ සාකච්ඡා කොට එයද සිදුකිරීමට
බෝරා මුස්ලිම් ලෝක සමුළුව අගෝස්තු මුල ශ්‍රී ලංකාවේ

බෝරා මුස්ලිම් ලෝක සමුළුව අගෝස්තු මුල ශ්‍රී ලංකාවේ

(ජනක සෙනෙවිරත්න) ලෝක බෝරා මුස්ලිම්වරුන්ගේ සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතයි. මුස්ලිම් ප්‍රජාව තුළ සිටින දිග රැවුල සහිත සාම්ප්‍රදායක මුස්ලිම් ධන කුවේරයන් සංවිධානගතව මෙලෙස එක්වන අතර, ශ්‍රී ලංකාව බෝරා මුස්ලිම්වරුන්ගේ ආගමනය සිදුව ඇත්තේ 18 වැනි සියවසේ අග භාගයේ දී බවයි පැවසෙන්නේ.   එම සමුළුව අගොස්තු 01 වැනිදා සිට 10 වෙනිදා දක්වා කොල්ලුපිටියේ බෝරා මුස්ලිම් මහ පල්ලිය මූලික කරගනිමින් පැවැත්වීමට නියමිත අතර, මේ සඳහා ලොව පුරා වෙසෙන බෝරා මුස්ලිම්වරු 21000ක් පමණ පිරිසක් සහභාවී වීමට නියමිත වනවා. අදාළ සමුළුව හෙතුවෙන් කොළඹට නුදුරු සියලු තරු පන්තියේ හෝටල් මේ වනවිට වෙන් කර අවසන් බවද වාර්තා වනවා. පාස්කු ප්‍රහාරයත් සමඟ මේ වනවිට ලෝක මුස්ලිම් අවධානය ශ්‍රී ලංකාව වෙත යොමුව තිබෙන අතර, ලෝක මුස්ලිම් ලීගය සංවිධානය කළ වහාබ්වාදීන්ගේ සමුළුවක් ද පසුගිය දා කොළඹ නෙළුම් පොකුණේ දී රාජ්‍ය අනුග්
පළාත් සභා ඡන්ද විමසීම ගැන ජනපතිගේ තීරණයට එරෙහිව සුමන්තිරන් උසාවියට

පළාත් සභා ඡන්ද විමසීම ගැන ජනපතිගේ තීරණයට එරෙහිව සුමන්තිරන් උසාවියට

(නායක බණ්ඩාර) සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් නොකොට පැරැණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරණයාට නීතියෙන් ඉඩක් නොමැති බව සඳහන් කරමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා. ඒ සීමා නිර්ණය කිරීමේ වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට නීතීයෙන් ඉඩක් තිබේදැයි විමසීමට ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරනු ලැබූ මතවිමසුමට මැදිහත් පෙත්සමක් ඉදිරිපත් කරමිනි.   2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට අනුව සීමා නිර්ණය කටයුතු සිදුකිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බව  සුමන්දිරන් මන්ත්‍රීවරයා සිය මැදිහත් පෙත්සමෙන් පෙන්වා දෙයි. එම පනතට අනුව සීමා නිර්ණය කිරීමකින් තොරව පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට නීතියෙන් හැකියාවක් නොමැති බවට තීන්දු කරන මෙන් සුමන්තිරන් සිය පෙත්සම මගින් වැඩිදුරටත්
අනුරකුමාර ජවිපෙන් ජනාධිපතිවරණයට

අනුරකුමාර ජවිපෙන් ජනාධිපතිවරණයට

(ජනක සෙනෙවිරත්න) මෙරට ජනතාව ප්‍රෞඪ මිනිස් ප්‍රජාවක් බවට පත් කළ යුතුව තිබෙන බවත්, සියලු ජනතාව එකතු කරගැනීමෙන් මෙය දිනාගත හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඊයේ(19) අනුර දිසානායක නම්කිරීමෙන් පසු එම රැලිය අමතමින් ඔහු මේ අදහස් පැවසුවා.   එහි දී අනුර කුමාර දිසානායක මෙසේ ද පැවසුවා. “අපේ ජනතාව ප්‍රෞඪ මිනිස් ප්‍රජාවක් බවට පත් කළ යුතුව තිබෙනවා. මේ රට ලෝකය තුළ නොසැලෙන රාජ්‍යයක් බවට පත් කළ යුතුයි. මෙය කළ හැක්කේ සියලු ජනතාව මේ සටන සඳහා එකතු කිරීමෙනුයි. මෙය අපට දිනිය හැකි සටනක්. සියලු දෙනා මේ පණිවිඩය ගම් නියම්ගම් කරා ගෙන යන කෙනෙක් බවට පත්වෙන්න. ඒ සඳහා ඔබ සැමට ආරාධනා කරනවා.”“එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගය වෙනුවෙන් අපේක්ෂකයා ලෙස මා තෝරා ගනු ලැබ තිබෙනවා. ජාතික ජන බලවේගයටත් ඔබ ඇතුළු මේ රටේ පොදු ජනතාවටත් මා කෙරෙ
”රනිල් ඉල්ලුවොත් නියත වශයෙන්ම පරද්දනවා” අජිත් පී. පෙරේරා

”රනිල් ඉල්ලුවොත් නියත වශයෙන්ම පරද්දනවා” අජිත් පී. පෙරේරා

(සරත් පෙරේරා) ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුවහොත් ඔහු නියත වශයෙන්ම දේශපාලනිකව පරාජය කරන බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙරේරා පවසනවා. පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධීකාරී මණ්ඩලය එක්ව ඡන්දයක් තැබීමෙන් එය සිදුකළ හැකි බව ඔහු අවධාරණය කරනවා. එක්සත් ජාතිත පක්ෂයේ සන්ධාන ක්‍රියාවලිය පිළිබඳ මාධ්‍යවේදීන් විමසූවිට ඔහු අවධාරණය කර සිටියේ අපේක්ෂකයා කලින් තෝරාගැනීමෙන් අනතුරුව එම නායකයා එළිදැක්වීම සන්ධානගතව සිදුකළ හැකි බවයි. මෙහි දී පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡා කිරීමට පක්ෂ නායකයාගෙන් අවසර ලබාගත යුතුද යන්න මාධ්‍යවේදීන් විසින් විමසූවිට අජිත් පී. පෙරේරා පවසා සිටියේ ''ඒ කාලේඉවරයි දැන්'' යනුවෙනි. අද(19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියා. එහි දී වැඩිදුරටත් අදහස්
නව හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කෙරේ

නව හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කෙරේ

(නායක බණ්ඩාර) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව හමුදාපති ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද(19) පත්කරනු ලැබිණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ 23 වැනි හමුදාපතිවරයා ලෙස මෙතෙක් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටි ශවේන්ද්‍ර සිල්වා අද සිට කටයුතු කරනවා. ඒ අනුව ඔහු අද සිට ලුතිනන් ජනරාල් නිලයටද උසස් වන ඇති.   හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ ධුර කාලය ඊයේ (18දා) අවසන් වූ අතර එම පුරප්පාඩුවට ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම සිදුකර තිබේ. යුද්ධය පැවැති වකවානුවේ දී 58 වැනි සේනාංකාධිපති ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා ත්‍රස්තවාදය තුරන් කිරීමේ මානුෂීය මෙහෙයුමේ දී ප්‍රබල චරිතයක් ලෙස කටයුතු කළ අයෙක්. ඔහු මේ වනවිට වීර වික්‍රම විභූෂණය, උත්තම සේවා, රණ වික්‍රම, රණ ශූර යන පදක්කම් හිමිකරගෙන තිබේ.