The Leader of The Ceylon News
en en

තවත් පුවත්

වැටුප් විෂමතාවක් ඇතිවේයැයි භිය වී GMAO යළි වඩවර්ජනයක් කැඳවයි!

වැටුප් විෂමතාවක් ඇතිවේයැයි භිය වී GMAO යළි වඩවර්ජනයක් කැඳවයි!

(ජනිත් හේමාල්) වැටුප් විෂමතාවක් ඇතිවන ලෙස වැටුප් ඉහළ දැමීමට කැබිනට් පත්‍රිකාවක් කර ඇති බැවින් ඊට එරෙහිව හෙට (18) පෙරවරු 8 සිට පැය 24ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරනවා. එහෙත් මෙම කැබිනට් පත්‍රිකාවට අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව නෑ. කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ එයට අද අනුමැතිය නොලැබුණත් ලබන 24 වැනි දා කැබිනට් රැස්වීමේ දී එය අනුවත වීමට ඉඩ ඇති වැඩින් තම වර්ජනය අනිවාර්යයෙන් ම සිදු කරන බවයි. 24 දා අදාළ යෝජනාව සම්මත වුවහොත් 25 දා සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යන බවද එම සංගමය පවසනවා. කෙසේ වෙතත් මොවුන් දිගින් දිගටම වැඩවර්ජනවලට යන්නේ ඉතා සරළ හේතු පදනම් කරගෙන බව රහසක් නොවේ. කම්කරු සටන්කරුවන්ගේ අවසන් ක්‍රියාමාර්ග වන වැඩවර්ජන තේරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පළමු සටන් ක්‍රමය වී ඇති නිසා අද වනවිට ඔවුන් දියාරු වෘත්තීය සටන්කරුවන
වෛද්‍ය අධ්‍යාපනයට අවම ප්‍රමිතියක්

වෛද්‍ය අධ්‍යාපනයට අවම ප්‍රමිතියක්

(සරත් පෙරේරා) වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට යවා තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  අද (22 ) පාර්ලිමේන්තුවේ දී පැවසුවා. ඇමැතිවරයා පෙන්වා දුන්නේ එම ගැසට් නිවේදනය මුද්‍රණයට යවා ඇති බව දැනගැනීමෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩවර්ජනයක් කැඳවා තිබෙන බවයි. මේවාට වැඩවර්ජන කිරීම පරණ ක්‍රමයක් බවද ඔහු පවසනවා.
සතොසට ලක්ෂ 40ක් පාඩු කළාට රු.50000ක දඩයක් සහ වසරක සිරදඬුවමක්

සතොසට ලක්ෂ 40ක් පාඩු කළාට රු.50000ක දඩයක් සහ වසරක සිරදඬුවමක්

(සරත් පෙරේරා) ස.තො.ස ආයතනයේ හිටපු සාමාන්‍යාධිකාරී විමල් පෙරේරා වසරක සිරදඬුවමක් ලබා දෙන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(20) නියෝග කළා. ඒ 2002 වසරේ ස.තො.ස ආයතනයට සහල් මිලදී ගැනීමේදී රජයට රුපියල් ලක්ෂ 40 පාඩුවක් සිදු කළ බවට ඔහුට විරුද්ධව අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් ගොනු කර පැමිණිල්ලක් මත කැඳවූ නඩුවක් විභාග කර තීන්දුව ප්‍රකාශයට පත්කරමින්. ඊට අමතරව විත්තිකරුට රුපියල් 50000ක දඩයක් ද මහේස්ත්‍රාත්වරිය නියම කළා. එම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස එවකට හිටපු වෙළෙඳ හා වාණිජ අමාත්‍ය රවි කරුණානායක සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති ලාල් වික්‍රමතුංග ඇතුළු පිරිසක් ද නම් කර තිබූ අතර ඔවුන් මීට පෙර අධිකරනයේ සාක්ෂි ලබා දෙනු ලැබ තිබුණා. කෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරිය මෙම දඬුවම ලබා දෙමින් පවසා සිටියේ විත්තිකරුට එරෙහිව සිරදඬුවමක් නියම කර ඇති බැවින් ඔහුට වන්දි ගෙවන ලෙස නියෝගයක් නොකරන බවය
”ප්‍රසිද්ධම කෙනා නෙමෙයි සුදුසුම කෙනා පත්කළ යුතුයි” රවී කරුණානායක

”ප්‍රසිද්ධම කෙනා නෙමෙයි සුදුසුම කෙනා පත්කළ යුතුයි” රවී කරුණානායක

(නායක බණ්ඩාර) ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් පක්ෂ ගනණාවකින් නියෝජිතයන් ඉදිරිපත් වන බවත්, ජනතාව මෙහිදි නිවැරදිව සිතා බලා කටයුතු කළ යුතු බවත්, විදුලි ඇමැති රවී කරුණානායක පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එහි දී පත්කළ යුතු වන්නේ ප්‍රසිද්ධම පුද්ගලයා නොව සුදුසුම පුද්ගලයා බවයි. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ ඊයේ (18) පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැති තරුණ දේශපාලන ක්‍රියාකාරී හමුවකට සහභාගි වෙමින්. ඒ අවස්ථවේ දී ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළා. ''ජනාධිපතිවරණය ගැන කතා කරද්දි අද අපි නොයෙක් විකට කතා අහනවා. පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් පක්ෂ ගනණාවකින් නියෝජිතයන් ඉදිරිපත් වෙනවා. ජනතාව මෙහිදි නිවැරදිව සිතා කටයුතු කළ යුතුයි. ප්‍රසිද්ධම පුද්ගලයා නොවෙයි සුදුසුම කෙනා බලලා අපි පත්කල යුතුයි.   ඒ වගේම තරඟකරන්න නෙමෙයි ජය ගන්න පුළුවන් කෙනා ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව රටක් ඒකරාශී කරල
ජනාධිපතිවරණයත් පළාත් සභාවත් එකට බෑ

ජනාධිපතිවරණයත් පළාත් සභාවත් එකට බෑ

(ජනක සෙනෙවිරත්න) ජනාධිපතිවරණය සහ පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීම ප්‍රායෝගිකව කළ නොහැකි බව කැෆේ සංවිධානය අවධාරණය කරනවා. කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් පවසන්නේ මෙම මැතිවරණ දෙක එකම දිනයක පැවැත්වීම ප්‍රායෝගික නොවන බැවින් කිසිදු අයුරකින් ජනාධිපතිවරණය සහ පළාත් සභා මැතිවරණය එක ම දිනයක නොපවත් වන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කර ඇති බවයි. මීට සති දෙකකට පෙර මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර පැවති සාකච්ඡාවක දී මහින්ද දේශප්‍රිය මේ පිළිබඳ අවධාරණය කළ බවයි කැෆේ සංවිධානය පවසන්නේ. එමෙන්ම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට පළාත් සභා මැතිවරණය නියමිත කාලයේ දී පැවැත්වීමට කිසිදු උනන්දුවක් නොතිබූ බව පෙන්වා දෙන කැෆේ සංවිධානය පවසන්නේ මේ වනවිට ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සාධනීය කරුණක් ලෙස සැලකිය හැකි
දොස්තර සංගමය ලබන22 රට පුරා වැඩවරයි

දොස්තර සංගමය ලබන22 රට පුරා වැඩවරයි

(අශිනි සංජනා) ලබන බ්‍රහස්පතින්දා(22) දින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය පවසන්නේ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව සහ ස්ථානගතකිරීම්වල පවතින ගැටළු නිරාකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු නොකිරීමට එරෙහිව මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි. අද(19) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් මේ බව පැවසුවා. මෙම වර්ජන ක්‍රියාමාර්ගයට ද රජය ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වර්ජනයක් සිදුකිරීම දක්වා මෙම සටන ගෙන යන බව එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පවසනවා. කෙසේ වෙතත් මෙම වැඩවර්ජනයේ දී අත්‍යාවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දුන්නා.