The Leader of The Ceylon News
en en

Author: admin

‘සුදු වෑන් කතා’ ගැන CID විමර්ශනයක් කරන්න, මමත් උදව් කරන්නම්” – රාජිත (VIDEO)

‘සුදු වෑන් කතා’ ගැන CID විමර්ශනයක් කරන්න, මමත් උදව් කරන්නම්” – රාජිත (VIDEO)

https://www.youtube.com/watch?v=NhjpPq4sWek 'සුදු වෑන් කතා' ගැන CID විමර්ශනයක් කරන්න, මමත් උදව් කරන්නම්'' - රාජිත පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදුවූ 'සුදු වෑන් භිෂණය' සම්බන්ධ පලවී ඇති කරුණු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශනයක් කරන ලෙසත් එවැනි විමර්ශනයකට මහජන නියෝජිතයකු ලෙස තමන්ගේ සම්පුර්ණ සහය ලබාදෙන බවත් එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි. ඔහු එබව සඳහන් කරනු ලැබුවේ, පසුගිය නොවැම්බර් මස 10 වැනිදා ජනාධිපතිවරණ සමයේදී කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වූ රාජපක්ෂ පාලනයේ සුදු වෑන්වල රියැදුරන් බව කියාගත් පුද්ගලයන් දෙදෙනා විසින් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් 'සිලෝන් ලීඩර්' කළ විමසීමකදී ය. ඒ සම්බන්ධයෙන් සිදුවූ සංවාදය මෙසේය. 'සිලෝන් ලීඩර්':ඔබතුමා කිව්වා ඔබතුමාට වෛරය එල්ල වෙලා තියෙනවා කියලා, මට හිතෙනවා මේක අර කිඹුල් කතාවත් එකක් කියලා. අර
ඥාණසාර හිමි දිගින් දිගටම සිරගත කර තැබීමේ කුමන්ත්‍රණයක්

ඥාණසාර හිමි දිගින් දිගටම සිරගත කර තැබීමේ කුමන්ත්‍රණයක්

(නායක බණ්ඩාර) බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කර තැබීමට දිගින් දිගටම කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා පවසනවා. 'පාස්කු ප්‍රහාරය' එල්ල වී අදට (ඔක්තෝබර් 21) මාස 6ක් ගතවීම සිහිකරමින් එම ප්‍රහාරය හා සම්බන්ධ අභ්‍යන්තර තොරතුරු පිළිබඳ සොයාබැලෙන Ceylon Leader යූටියුබ් චැනලයේ සම්මුඛ සාකච්ඡාවක් සමඟ එක්වෙමින් දිලන්ත විතානගේ මහතා මේ ගැන සඳහන් කළා. දිලන්ත විතානගේ මහතා මෙහි දී පෙන්වා දුන්නේ උන්වහන්සේගේ රටේ සිංහල බෞද්ධ දේශ හිතෛෂී ජනතාවට නායකත්වය දෙමින් කටයුතු කිරීම මීට හේතුව බවයි. කෙසේ වෙතත් ඥාණසාර හිමියන් හට යළිත් වරක් අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලබන 8 වැනි දා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස මේ වනවිටත් නොතීසි ලැබී තිබෙනවා. ඒ මුලතිව් ගුරුකන්ද නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කට
රවුෆ් හකීම් සහරාන් සමඟ සබඳතා පැවැත්වූ බව හෙළිවෙයි!

රවුෆ් හකීම් සහරාන් සමඟ සබඳතා පැවැත්වූ බව හෙළිවෙයි!

(නායක බණ්ඩාර) ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අමාත්‍යවරයා ජාතික තව්හිත් ජමාද් නායක සහරාන් හෂීම් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවට හෙළිවන වීඩියෝ පටයක් අද (18) මාධ්‍යයට මුදාහැරුණා. ඒ මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානය නම් සංවිධානයක් විසින්. ඔවුන් අද රවුෆ් හකීම් අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු මේ බව මාධ්‍ය වෙත හෙළිදරව් කළා. ඔහු මෙහි දී පවසා සිටියේ  2015 මහ මැතිවරණ සමයේදී ජාතික තවුහිද් ජමාද් සංවිධාන කාත්තන්කුඩි කාර්යාලයේදී සහරාන් සමඟ කළ සුහද සාකච්ඡාක දර්ශන මෙම වීඩියෝ පටයෙන් අනාවරණය වන බවයි.     ඔවුන් පවසන්නේ වහාම හකීම් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන මෙවැනි සුහද සාකච්ඡාවක් කිරීමට තරම් ඔහු සහ සහරාන් අතර තිබූ සම්බන්ධතාව කුමක්දැයි පරීක්ෂා කරන ලෙසයි.
විජේදාසත් ගෝඨාභයට

විජේදාසත් ගෝඨාභයට

(නායක බණ්ඩාර) ඉදිරි ජනාධිපතිවරණයේ දී තමාගේ සහාය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. අද (18)  කොළඹ දී  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා. මෙම මාධ්‍ය හමුවට ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වී සිටි අතර, එහි දී විජේදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව දැඩිව විවේචනය කිරීම ද විශේෂත්වයක් වුණා.
”ඥානසාර හිමිට අත්අඩංගුවට ගනු” – උතුරේ නීතීඥ සංගමය

”ඥානසාර හිමිට අත්අඩංගුවට ගනු” – උතුරේ නීතීඥ සංගමය

(නායක බණ්ඩාර) මුලතිව්, නයාරු ගුරුකන්ද පුරාණ රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ අවසන් කටයුතු අධිකරණ නියෝග නොතකා සිදුකිරීමට ආධාර අනුබල දුන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගතයුතු බවත් සඳහන් කරමින් උතුරු පළාතේ නීතිඥවරු සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් අද (24) විරෝධතාවක නිරත වුණා. උතුරු පළාත් නීතිඥ සංගමයේ නීතීවරුවරුන් පවසා සිටියේ ගුරුකන්ද විහාර භූමියේ ආදහන පූජෝත්සවය සිදුනොකරන ලෙසත් එය විහාරයට නුදුරින් පිහිටි යුද හමුදා කඳවුර පවතින ස්ථානයේ මුහුදු වෙරළෙහි සිදුකරන ලෙසට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලබාදුන් නියෝගය නොතකා පන්සල් භූමියේම එම ආදාහන කටයුතු සිදුකිරීම තුළින් අධිකරණයට සිදුකළ අපහාසය දැඩි ලෙස හෙළා දකින බවයි. එසේම ආදාහනය පැවැත්වෙන ස්ථානයට පැමිණි මුලතිව් අධිකරණයේ සේවය කරන නීතීඥවරයකුට එහි සිටි හිමිවරුන් පිරිසක් මරණ තර්ජන
ගුරුකන්ද හිමිගේ ආදාහනය විහාර භූමියේම සිදුකිරීමට ඥානසාර හිමි මැදිහත් වෙයි

ගුරුකන්ද හිමිගේ ආදාහනය විහාර භූමියේම සිදුකිරීමට ඥානසාර හිමි මැදිහත් වෙයි

(අශිනි සංජනා) මුලතිව් ගුරුකන්ද පුරාණ රාජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ අවසන් කටයුතු විහාර භූමිය තුළම සිදුකිරීමට බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (23) මැදිහත් වුණා. ඒ මුලතිව් අධිකරණය විසින් දේහය පිළිබඳ අවසන් කටයුතු කළ යුතු ආකාරය සඳහන් අධිකරණ නියෝගය ලැබීමට ප්‍රමාදවීම හේතුවෙන්. පැවති දැඩි වර්ෂාපනය හා පාංශුකූල කටයුතු අවසන්වීමෙන් අනතුරුව මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ගුරුකන්ද විහාර භූමියේම සිදුකිරීමට එහි ශාසනාරක්ෂක මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ තිබුණු අතර, ඒ වනවිටත් විහාර භූමියට පිටතින් සිටි දෙමළ ජාතික විරෝධකරුවන්ගේ විරෝධතා නොතකා ඥානසාර හිමියන් ප්‍රමුඛ හිමිවරුන් කයුයුතු කළා. මෙහි දී ඥානසාර හිමියන් මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවන අවස්ථාවේදී මුලතිව් අධිකරණයට වැඩමකර තිබුණු අතර, උන්වහන්සේ පවසා සිටියේ පැමිණිල
පොහොට්ටුව ඇප තියලා-ලකුණ ගැන කියපු නිදහස් පක්ෂයට ඇපත් නෑ

පොහොට්ටුව ඇප තියලා-ලකුණ ගැන කියපු නිදහස් පක්ෂයට ඇපත් නෑ

(නායක බණ්ඩාර)‍ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ලකුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කිරීම අද(20)දහවල් සිදු වුණා. ඒ එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින්. ඒත් සමඟම පොහොට්ටුව ඡන්ද ලකුණ ලෙස යොදාගැනීමෙන් සිය අනන්‍යතාව නැතිවන බවට පවසා විරෝධතා මතුකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිහින බොඳවී යනු ඇති. ‍‍ කෙසේ වෙතත් පොදුජන පෙරමුණට සම්බන්ධ දැනට එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනාගේ මතය වන්නේ ද මේ වනවිට නිදහස් පක්ෂයට පොහොට්ටුව නොමැතිව ගමනක් නැති වුණත් පොහොට්ටුවට එසේ නොවන බවයි. ‍ මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් විකල්පයකට යෑමට සිදුවනු ඇති.
ජනාධිපතිවරණය නොවැම්බර් 09 දා

ජනාධිපතිවරණය නොවැම්බර් 09 දා

-මැතිවරණ කොමිසමෙන් අතිවිශේෂ ගැසට්ටුවක්- (කුමාරී රත්නායක) ජනාධිපතිවරණය 2019 නොවැම්බර් මස 16වැනි දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසනවා. අද(18) රාත්‍රී නිකුත් කළ 2141/25 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් මැතිවරණ කොමිසම අදාළ දින වකවානු ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම ඔක්තෝබර් මස 07වැනි දා පෙරවරු නවයේ සිට පෙරවරු 11 දක්වා සිදුකෙරෙන අතර, ජනධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙට දින (19) ආරම්භ වී ඔක්තෝම්බර් 6 වැනිදා දහවල් 12 න් අවසන් වනවා.
කරූ ජනපති සටනට එන බව නිවේදනය කරයි

කරූ ජනපති සටනට එන බව නිවේදනය කරයි

(නායක බණ්ඩාර) විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණ කරගත් දේශපාලන බලවේග සමඟ එක්වෙමින් තමා ජනාධිපති අපේක්ෂකත්වයට පත්වීමට සූදානම් බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා අද(17) මේ බව ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. ජාතික අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන ලෙසට සියලු පාර්ශ්වයන්ගෙන් තමාට ලද ඉල්ලීම් මත තමා මේ තීරණය ගත් බවද ඒ මහතා පවසනවා. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට තමා එසේ ඉදිරිපත් වන්නේ නම් ඒ හුදෙක් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අනාගත ගැන සිතා මිස ජනාධිපති වරප්‍රදාස ගැන සිතා නොවන බව ද කරූ ජයසූරිය මහතා මෙයින් අවධාරණය කර තිබෙනවා. දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ කරූ ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රසිද්ධ කෙරෙනු ඇති අතර, ඔහු කතානායක ධුරයන් ඉල්ලා අස්වීම ද දින කිහිපයක් තුළ සිදුවනු ඇති බවයි.
වැටුප් විෂමතාවක් ඇතිවේයැයි භිය වී GMAO යළි වඩවර්ජනයක් කැඳවයි!

වැටුප් විෂමතාවක් ඇතිවේයැයි භිය වී GMAO යළි වඩවර්ජනයක් කැඳවයි!

(ජනිත් හේමාල්) වැටුප් විෂමතාවක් ඇතිවන ලෙස වැටුප් ඉහළ දැමීමට කැබිනට් පත්‍රිකාවක් කර ඇති බැවින් ඊට එරෙහිව හෙට (18) පෙරවරු 8 සිට පැය 24ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරනවා. එහෙත් මෙම කැබිනට් පත්‍රිකාවට අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව නෑ. කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ එයට අද අනුමැතිය නොලැබුණත් ලබන 24 වැනි දා කැබිනට් රැස්වීමේ දී එය අනුවත වීමට ඉඩ ඇති වැඩින් තම වර්ජනය අනිවාර්යයෙන් ම සිදු කරන බවයි. 24 දා අදාළ යෝජනාව සම්මත වුවහොත් 25 දා සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යන බවද එම සංගමය පවසනවා. කෙසේ වෙතත් මොවුන් දිගින් දිගටම වැඩවර්ජනවලට යන්නේ ඉතා සරළ හේතු පදනම් කරගෙන බව රහසක් නොවේ. කම්කරු සටන්කරුවන්ගේ අවසන් ක්‍රියාමාර්ග වන වැඩවර්ජන තේරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පළමු සටන් ක්‍රමය වී ඇති නිසා අද වනවිට ඔවුන් දියාරු වෘත්තීය සටන්කරුවන