The Leader of The Ceylon News
en en

ඥාණසාර හිමි දිගින් දිගටම සිරගත කර තැබීමේ කුමන්ත්‍රණයක්

(නායක බණ්ඩාර)

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කර තැබීමට දිගින් දිගටම කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා පවසනවා.

‘පාස්කු ප්‍රහාරය’ එල්ල වී අදට (ඔක්තෝබර් 21) මාස 6ක් ගතවීම සිහිකරමින් එම ප්‍රහාරය හා සම්බන්ධ අභ්‍යන්තර තොරතුරු පිළිබඳ සොයාබැලෙන Ceylon Leader යූටියුබ් චැනලයේ සම්මුඛ සාකච්ඡාවක් සමඟ එක්වෙමින් දිලන්ත විතානගේ මහතා මේ ගැන සඳහන් කළා.

දිලන්ත විතානගේ මහතා මෙහි දී පෙන්වා දුන්නේ උන්වහන්සේගේ රටේ සිංහල බෞද්ධ දේශ හිතෛෂී ජනතාවට නායකත්වය දෙමින් කටයුතු කිරීම මීට හේතුව බවයි.

කෙසේ වෙතත් ඥාණසාර හිමියන් හට යළිත් වරක් අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලබන 8 වැනි දා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස මේ වනවිටත් නොතීසි ලැබී තිබෙනවා. ඒ මුලතිව් ගුරුකන්ද නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමේ දී අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් කඩකළ බවට දෙමළ ජාතික සන්ධාන මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්තිනි ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය ගොණු කළ පෙත්සමක් හේතුවෙන්.

දිලන්ත විතානගේ මහතා සමඟ කළ සාකච්ඡාව පහතින්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *