The Leader of The Ceylon News
en en

Month: October 2019

ඥාණසාර හිමි දිගින් දිගටම සිරගත කර තැබීමේ කුමන්ත්‍රණයක්

ඥාණසාර හිමි දිගින් දිගටම සිරගත කර තැබීමේ කුමන්ත්‍රණයක්

(නායක බණ්ඩාර) බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කර තැබීමට දිගින් දිගටම කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා පවසනවා. 'පාස්කු ප්‍රහාරය' එල්ල වී අදට (ඔක්තෝබර් 21) මාස 6ක් ගතවීම සිහිකරමින් එම ප්‍රහාරය හා සම්බන්ධ අභ්‍යන්තර තොරතුරු පිළිබඳ සොයාබැලෙන Ceylon Leader යූටියුබ් චැනලයේ සම්මුඛ සාකච්ඡාවක් සමඟ එක්වෙමින් දිලන්ත විතානගේ මහතා මේ ගැන සඳහන් කළා. දිලන්ත විතානගේ මහතා මෙහි දී පෙන්වා දුන්නේ උන්වහන්සේගේ රටේ සිංහල බෞද්ධ දේශ හිතෛෂී ජනතාවට නායකත්වය දෙමින් කටයුතු කිරීම මීට හේතුව බවයි. කෙසේ වෙතත් ඥාණසාර හිමියන් හට යළිත් වරක් අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලබන 8 වැනි දා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස මේ වනවිටත් නොතීසි ලැබී තිබෙනවා. ඒ මුලතිව් ගුරුකන්ද නාහිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කට
රවුෆ් හකීම් සහරාන් සමඟ සබඳතා පැවැත්වූ බව හෙළිවෙයි!

රවුෆ් හකීම් සහරාන් සමඟ සබඳතා පැවැත්වූ බව හෙළිවෙයි!

(නායක බණ්ඩාර) ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අමාත්‍යවරයා ජාතික තව්හිත් ජමාද් නායක සහරාන් හෂීම් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවට හෙළිවන වීඩියෝ පටයක් අද (18) මාධ්‍යයට මුදාහැරුණා. ඒ මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානය නම් සංවිධානයක් විසින්. ඔවුන් අද රවුෆ් හකීම් අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු මේ බව මාධ්‍ය වෙත හෙළිදරව් කළා. ඔහු මෙහි දී පවසා සිටියේ  2015 මහ මැතිවරණ සමයේදී ජාතික තවුහිද් ජමාද් සංවිධාන කාත්තන්කුඩි කාර්යාලයේදී සහරාන් සමඟ කළ සුහද සාකච්ඡාක දර්ශන මෙම වීඩියෝ පටයෙන් අනාවරණය වන බවයි.     ඔවුන් පවසන්නේ වහාම හකීම් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන මෙවැනි සුහද සාකච්ඡාවක් කිරීමට තරම් ඔහු සහ සහරාන් අතර තිබූ සම්බන්ධතාව කුමක්දැයි පරීක්ෂා කරන ලෙසයි.
විජේදාසත් ගෝඨාභයට

විජේදාසත් ගෝඨාභයට

(නායක බණ්ඩාර) ඉදිරි ජනාධිපතිවරණයේ දී තමාගේ සහාය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. අද (18)  කොළඹ දී  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා. මෙම මාධ්‍ය හමුවට ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වී සිටි අතර, එහි දී විජේදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව දැඩිව විවේචනය කිරීම ද විශේෂත්වයක් වුණා.