The Leader of The Ceylon News
en en

”ඥානසාර හිමිට අත්අඩංගුවට ගනු” – උතුරේ නීතීඥ සංගමය

(නායක බණ්ඩාර)

මුලතිව්, නයාරු ගුරුකන්ද පුරාණ රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ අවසන් කටයුතු අධිකරණ නියෝග නොතකා සිදුකිරීමට ආධාර අනුබල දුන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගතයුතු බවත් සඳහන් කරමින් උතුරු පළාතේ නීතිඥවරු සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් අද (24) විරෝධතාවක නිරත වුණා.

උතුරු පළාත් නීතිඥ සංගමයේ නීතීවරුවරුන් පවසා සිටියේ ගුරුකන්ද විහාර භූමියේ ආදහන පූජෝත්සවය සිදුනොකරන ලෙසත් එය විහාරයට නුදුරින් පිහිටි යුද හමුදා කඳවුර පවතින ස්ථානයේ මුහුදු වෙරළෙහි සිදුකරන ලෙසට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ලබාදුන් නියෝගය නොතකා පන්සල් භූමියේම එම ආදාහන කටයුතු සිදුකිරීම තුළින් අධිකරණයට සිදුකළ අපහාසය දැඩි ලෙස හෙළා දකින බවයි.

එසේම ආදාහනය පැවැත්වෙන ස්ථානයට පැමිණි මුලතිව් අධිකරණයේ සේවය කරන නීතීඥවරයකුට එහි සිටි හිමිවරුන් පිරිසක් මරණ තර්ජන එල්ල කළ බවටද විරෝධතාකරුවන් චෝදනා කරනවා.‍කෙසේ වෙතත් මොවුන් පවසන්නේ ඉතා කඩිනමින් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවඅනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *