The Leader of The Ceylon News
en en

ගුරුකන්ද හිමිගේ ආදාහනය විහාර භූමියේම සිදුකිරීමට ඥානසාර හිමි මැදිහත් වෙයි

(අශිනි සංජනා)

මුලතිව් ගුරුකන්ද පුරාණ රාජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ අවසන් කටයුතු විහාර භූමිය තුළම සිදුකිරීමට බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (23) මැදිහත් වුණා.

ඒ මුලතිව් අධිකරණය විසින් දේහය පිළිබඳ අවසන් කටයුතු කළ යුතු ආකාරය සඳහන් අධිකරණ නියෝගය ලැබීමට ප්‍රමාදවීම හේතුවෙන්.

පැවති දැඩි වර්ෂාපනය හා පාංශුකූල කටයුතු අවසන්වීමෙන් අනතුරුව මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ගුරුකන්ද විහාර භූමියේම සිදුකිරීමට එහි ශාසනාරක්ෂක මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ තිබුණු අතර, ඒ වනවිටත් විහාර භූමියට පිටතින් සිටි දෙමළ ජාතික විරෝධකරුවන්ගේ විරෝධතා නොතකා ඥානසාර හිමියන් ප්‍රමුඛ හිමිවරුන් කයුයුතු කළා.

මෙහි දී ඥානසාර හිමියන් මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවන අවස්ථාවේදී මුලතිව් අධිකරණයට වැඩමකර තිබුණු අතර, උන්වහන්සේ පවසා සිටියේ පැමිණිල්ල වෙනුවෙන් ඉදිරිපත් වූ නීතීඥවරුන් පිරිසක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කරුණු උතුරට බලපාන්නේ නැති බව අධිකරණය හමුවේ පෙන්වා දුන් බවයි. එබැවින් බෞද්ධ සාම්ප්‍රදාය අනුව ආදාහන පූජෝත්සවය පන්සල් භූමියේ ම සිදුකරන බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *