The Leader of The Ceylon News
en en

පොහොට්ටුව ඇප තියලා-ලකුණ ගැන කියපු නිදහස් පක්ෂයට ඇපත් නෑ

(නායක බණ්ඩාර)‍

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව ලකුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කිරීම අද(20)දහවල් සිදු වුණා.

ඒ එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින්.

ඒත් සමඟම පොහොට්ටුව ඡන්ද ලකුණ ලෙස යොදාගැනීමෙන් සිය අනන්‍යතාව නැතිවන බවට පවසා විරෝධතා මතුකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිහින බොඳවී යනු ඇති. ‍‍

කෙසේ වෙතත් පොදුජන පෙරමුණට සම්බන්ධ දැනට එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනාගේ මතය වන්නේ ද මේ වනවිට නිදහස් පක්ෂයට පොහොට්ටුව නොමැතිව ගමනක් නැති වුණත් පොහොට්ටුවට එසේ නොවන බවයි. ‍

මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් විකල්පයකට යෑමට සිදුවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *