The Leader of The Ceylon News
en en

වැටුප් විෂමතාවක් ඇතිවේයැයි භිය වී GMAO යළි වඩවර්ජනයක් කැඳවයි!

(ජනිත් හේමාල්)

වැටුප් විෂමතාවක් ඇතිවන ලෙස වැටුප් ඉහළ දැමීමට කැබිනට් පත්‍රිකාවක් කර ඇති බැවින් ඊට එරෙහිව හෙට (18) පෙරවරු 8 සිට පැය 24ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරනවා.

එහෙත් මෙම කැබිනට් පත්‍රිකාවට අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව නෑ.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ එයට අද අනුමැතිය නොලැබුණත් ලබන 24 වැනි දා කැබිනට් රැස්වීමේ දී එය අනුවත වීමට ඉඩ ඇති වැඩින් තම වර්ජනය අනිවාර්යයෙන් ම සිදු කරන බවයි. 24 දා අදාළ යෝජනාව සම්මත වුවහොත් 25 දා සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යන බවද එම සංගමය පවසනවා.

කෙසේ වෙතත් මොවුන් දිගින් දිගටම වැඩවර්ජනවලට යන්නේ ඉතා සරළ හේතු පදනම් කරගෙන බව රහසක් නොවේ. කම්කරු සටන්කරුවන්ගේ අවසන් ක්‍රියාමාර්ග වන වැඩවර්ජන තේරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පළමු සටන් ක්‍රමය වී ඇති නිසා අද වනවිට ඔවුන් දියාරු වෘත්තීය සටන්කරුවන් පිරිසක් බවත්, එය විපක්ෂයේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් කටයුතු කරමින් සිටින තවත් එක් කණ්ඩායමක් පමණක් බවත්, ජනතාව මේ වනවිට තේරුම් ගෙන තිබෙනවා.

එලෙස වැඩවර්ජන කරන වෛද්‍යවරුම තමාගේ පෞද්ගලික සායනවල හිඳිමින් මුදලට ප්‍රතිකාර කරන නිසා ජනතාවට වැඩි අවහසුතාවක් නොදැනෙන බවද ඔවුන් පවසනවා.

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *