The Leader of The Ceylon News
en en

කරූ ජනපති සටනට එන බව නිවේදනය කරයි

(නායක බණ්ඩාර)

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණ කරගත් දේශපාලන බලවේග සමඟ එක්වෙමින් තමා ජනාධිපති අපේක්ෂකත්වයට පත්වීමට සූදානම් බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා අද(17) මේ බව ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ජාතික අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන ලෙසට සියලු පාර්ශ්වයන්ගෙන් තමාට ලද ඉල්ලීම් මත තමා මේ තීරණය ගත් බවද ඒ මහතා පවසනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට තමා එසේ ඉදිරිපත් වන්නේ නම් ඒ හුදෙක් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අනාගත ගැන සිතා මිස ජනාධිපති වරප්‍රදාස ගැන සිතා නොවන බව ද කරූ ජයසූරිය මහතා මෙයින් අවධාරණය කර තිබෙනවා.

දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ කරූ ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රසිද්ධ කෙරෙනු ඇති අතර, ඔහු කතානායක ධුරයන් ඉල්ලා අස්වීම ද දින කිහිපයක් තුළ සිදුවනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *