The Leader of The Ceylon News
en en

සජිත් සෙසු පක්ෂ එක්ක කළ සාකච්ඡා අවසන් වුවත් විසඳුමක් නෑ

(නායක බණ්ඩාර)

එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සෙසු පක්ෂ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡා සාර්ථකව අවසන් බව එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹ පිහිටි නිවසේ පැවැති මෙම සාකච්ඡාවට පාඨලී චම්පික රණවක (ජාතික හෙළ උරුමය), මනෝ ගනේෂන් හා පලනි දිගම්බරම් (ද්‍රවිඩ ප්‍රගතිශීලී පෙරමුණ), රවුෆ් හකීම් හා නිශාම් කාරියප්පර් (ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය), රිෂාඩ් බද්යුදීන් ( සමස්ත ලංකා මහජන කොංග්‍රසය), සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න (එක්සත් ජාතික පක්ෂය) යන මහත්වරුන් එක්ව තිබෙනවා.  

මෙහිදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ම එකඟතාවයන් ඇතිකරගෙන ඇතත් ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ අවසන් එකඟතාවකට පත්ව නොමැති බවද සඳහන්.
කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡාව අවසන්ව පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත පවසා සිටියේ තමා කිසිදු අයකු සමඟ අනවශ්‍ය ගිවිසුම් හෝ එකඟතා ඇතිකර නොගන්නා බවයි. 
මේ අතර ද්‍රවිඩ ජාතික සන්ධානයද සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත අතර ඉන් පසුව අදාළ සාකච්ඡා පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට නියමිත බවද ඒ මහතා සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *