The Leader of The Ceylon News
en en

මෛත්‍රී විධායක බලයෙන් ඉනෝකා සත්‍යාංගනී බේරාගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කරයි!

(නායක බණ්ඩාර)

ජාතික රූපවාහිනියේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනීගේ පරිපාලන දුර්වලතා නිසා මේ වනවිට මාසිකව කෝටි 5ක පාඩුවක් සිදුවන බව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන දැන් ප්‍රසිද්ධියේ කියන්න පටන් ගෙන තිබෙනවා.

එම කරුණු සැලකිල්ලට ගෙන ඉනෝකා සත්‍යාංගනී එම ධුරයෙන් ඉවත් කිරීමට තමා කිහිප අවස්ථාවක් උත්සාහ දැරුවද ජනාධිපතිවරයා එය වළක්වා ඇති බවද රුවන් විජේවර්ධන දැක් ප්‍රසිද්ධියේ හෙළිකිරීම සැසසිය යුතුයි.

රුවන් පවසන අන්දමට ජාතික රූපවාහිනිය පාඩු ලබන සහ මහා භාණ්ඩාගාරයට බරක් වී තිබෙන ආයතනයක්.

පසුගිය සතියේ ද රුවන් විසින් ජාතික රූපවාහිනියේ සභාපති ලෙස එහි හිටපු සේවකයකු වන කැළුම් පාලිත මහීරත්න පත්කරනු ලැබ තිබුණත් ඉනෝකාට ඇති ජනාධිපති පිහිට නිසා ඇය සභාපති පුටුවෙන් ඉවත් නොවී සිටියා. ඒ නිසා ජාතික රූපවාහිනියට ආව කැළුම් පාලිතට සිදුවූයේ ඩීජීගෙ කාමරයට වී කල් මැරීමටයි. ‍

දිගින් දිගටම තමාට එල්ලවන රුවන්ගේ ප්‍රහාරවලින් ගැළවීමට ඉනෝකා අවසන් තුරුම්පුව ඊයේ(09) එළියට දැම්මා. ඉනෝකා කිව්වට ඒ ඉනොකාම නෙමෙයි. ඉනෝකගෙ ගජ මිතුරියගෙ තාත්තා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා.

ජනාධිපතිවරයා විසින් ජාතික රූපවාහිනිය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයෙන් ඉවත් කර ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැනීමට 2019/9/9 අංක 2140 දරන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

මෙම ගැසට්ටුවත් සමඟ ජනාධිපතිවරයාට ඇති විධායක බලතලවල තරම නැවත රටට පෙන්වා දී තිබීම විශේෂත්වයක්.

තම දියණියගේ මිතුරියගේ රැකියාව රැකිදීමට හැකි විධායක බලයක් මෛත්‍රී සතුව තවමත් තිබෙන බව මෙයින් නැවත රටට ඔප්පු වුණා.

පසු ඊට ප්‍රතිචාර දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් මේ බව පෙන්වා දී තිබේ.

අදාළ ලිපිය ප්‍රකාරව ජාතික රූපවාහිනිය මේ වනවිට පාඩු ලබන ආයතනයක් පමණක් නොව යළි ගොඩ ගැනීමට නොහැකි වන අන්දමේ කඩාවැටීමකට භාජනය වෙමින් තිබෙනවා. එය අද වනවිට රූපවාහිනී නාලිකා සමීක්ෂණ වාර්තා අනුව 6වන ස්ථානය දක්වා පහත වැටී ඇති බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

රුවන් මෙම ලිපියන් තවත් දෙයක් පෙන්වා දෙනවා. එනම් යුද්ධය පැවැති සමයේ පවා ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට නොගැනුනත් සත්‍යාංගනීගේ තනතුර බේරාගැනීමට ජනාධිපතිවරයා එය තමා යටතට ගත් බවයි.‍

සත්‍යාංගනී මංගලගෙ පිහිටෙන් ජාතික රූපවාහිනියේ සභාපති පුටුවට ආවට අද ඇය චතුරිකා සිරිසේනගෙ ගජ මිතුරියයි.

ඒ මිතුරුකමින් ජාතික රූපවාහිනිය වල පල්ලට ගියත් ඉනොකා හෝ යමක් කරගන්නවානම් සතුටුයි. ‍

මේ රුවන් විජේවර්ධන අමාත්‍යවරයා ජනපතිට ලියපු ලිපිය

උපුටා ගැනීම janabaya web

Leave a Reply

Your email address will not be published. Required fields are marked *