The Leader of The Ceylon News
en en

ජනාධිපතිවරණය හැකිතාක් පසු කරන ලෙස ශ්‍රී.ලං.නි.ප.ය මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි

(නායක බණ්ඩාර)

ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත දිනය හැකි උපරිම දිගු දිනය සේ ගෙන නම්කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

හිරු රූපවාහිනී නාලිකාවේ සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව හෙළි කළා.

මහින්ද දේශප්‍රිය මහතා මෙහි දී පෙන්වා දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලය සිය කැමැත්තෙන්ම වසරක් අඩු කරගත් අයකු වන බැවින් ඔහුට එම ධුරයේ සිටීමට ඇති වසර 5ක කාලය හෝ උපරිමයෙන් සිටීමේ වරදක් නැති බවයි. ‍කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ සැප්තැම්බර් 15න් පසු ආසන්නතම දිනක ජනාධිපතිවරණයට නාමයෝජනා ගැනීම ආරම්භ කිරීමට බොහෝවිට ඉඩ තිබෙන බවයි.

මීට අමතරව දෙසැම්බරයේ පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාග කාලසටහනේ යම් වෙනසක් සිදුකිරීමට අවශ්‍යනම් විභාග කොමසාරිස් ජනරාල්වරයා සමඟ සාකච්ඡා කොට එයද සිදුකිරීමට හැකි බවයි මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *