The Leader of The Ceylon News
en en

Month: September 2019

කරූ ජනපති සටනට එන බව නිවේදනය කරයි

කරූ ජනපති සටනට එන බව නිවේදනය කරයි

(නායක බණ්ඩාර) විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණ කරගත් දේශපාලන බලවේග සමඟ එක්වෙමින් තමා ජනාධිපති අපේක්ෂකත්වයට පත්වීමට සූදානම් බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා අද(17) මේ බව ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. ජාතික අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන ලෙසට සියලු පාර්ශ්වයන්ගෙන් තමාට ලද ඉල්ලීම් මත තමා මේ තීරණය ගත් බවද ඒ මහතා පවසනවා. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට තමා එසේ ඉදිරිපත් වන්නේ නම් ඒ හුදෙක් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අනාගත ගැන සිතා මිස ජනාධිපති වරප්‍රදාස ගැන සිතා නොවන බව ද කරූ ජයසූරිය මහතා මෙයින් අවධාරණය කර තිබෙනවා. දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ කරූ ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රසිද්ධ කෙරෙනු ඇති අතර, ඔහු කතානායක ධුරයන් ඉල්ලා අස්වීම ද දින කිහිපයක් තුළ සිදුවනු ඇති බවයි.
වැටුප් විෂමතාවක් ඇතිවේයැයි භිය වී GMAO යළි වඩවර්ජනයක් කැඳවයි!

වැටුප් විෂමතාවක් ඇතිවේයැයි භිය වී GMAO යළි වඩවර්ජනයක් කැඳවයි!

(ජනිත් හේමාල්) වැටුප් විෂමතාවක් ඇතිවන ලෙස වැටුප් ඉහළ දැමීමට කැබිනට් පත්‍රිකාවක් කර ඇති බැවින් ඊට එරෙහිව හෙට (18) පෙරවරු 8 සිට පැය 24ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරනවා. එහෙත් මෙම කැබිනට් පත්‍රිකාවට අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව නෑ. කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ එයට අද අනුමැතිය නොලැබුණත් ලබන 24 වැනි දා කැබිනට් රැස්වීමේ දී එය අනුවත වීමට ඉඩ ඇති වැඩින් තම වර්ජනය අනිවාර්යයෙන් ම සිදු කරන බවයි. 24 දා අදාළ යෝජනාව සම්මත වුවහොත් 25 දා සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යන බවද එම සංගමය පවසනවා. කෙසේ වෙතත් මොවුන් දිගින් දිගටම වැඩවර්ජනවලට යන්නේ ඉතා සරළ හේතු පදනම් කරගෙන බව රහසක් නොවේ. කම්කරු සටන්කරුවන්ගේ අවසන් ක්‍රියාමාර්ග වන වැඩවර්ජන තේරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පළමු සටන් ක්‍රමය වී ඇති නිසා අද වනවිට ඔවුන් දියාරු වෘත්තීය සටන්කරුවන
සජිත් සෙසු පක්ෂ එක්ක කළ සාකච්ඡා අවසන් වුවත් විසඳුමක් නෑ

සජිත් සෙසු පක්ෂ එක්ක කළ සාකච්ඡා අවසන් වුවත් විසඳුමක් නෑ

(නායක බණ්ඩාර) එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සෙසු පක්ෂ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡා සාර්ථකව අවසන් බව එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.  මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹ පිහිටි නිවසේ පැවැති මෙම සාකච්ඡාවට පාඨලී චම්පික රණවක (ජාතික හෙළ උරුමය), මනෝ ගනේෂන් හා පලනි දිගම්බරම් (ද්‍රවිඩ ප්‍රගතිශීලී පෙරමුණ), රවුෆ් හකීම් හා නිශාම් කාරියප්පර් (ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය), රිෂාඩ් බද්යුදීන් ( සමස්ත ලංකා මහජන කොංග්‍රසය), සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න (එක්සත් ජාතික පක්ෂය) යන මහත්වරුන් එක්ව තිබෙනවා.   මෙහිදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ම එකඟතාවයන් ඇතිකරගෙන ඇතත් ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ අවසන් එකඟතාවකට පත්ව නොමැති බවද සඳහන්.කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡාව අවසන්ව පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත පවසා සිටිය
පක්ෂ-ලකුණු අතරහැර ජාතිය වෙනුවෙන් එකතු වනු!

පක්ෂ-ලකුණු අතරහැර ජාතිය වෙනුවෙන් එකතු වනු!

(නායක බණ්ඩාර) පක්ෂ, ලකුණු අතහැර ජාතිය වෙනුවෙන් එක්වන ලෙස බොදු බල සේනා සංවිධානය ඉල්ලනවා. නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ අද(14) පැවැති බොදු බල සේනා තරුණ සමුළුව අමතමින් බොදු බල සේනා  මහාලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි මෙලෙස ඉල්ලා සිටියා. පරම්පරාවෙන් පරම්පරාවට, තාත්තාගෙන් පුතාට යන පවුල් පාලනයට යළි ඉඩක් නොදී පක්ෂ, පාට, ලාංඡන අතහැර ජාතිය වෙනුවෙන් පෙනී සිටින නායකයකු හට බොදු බල සේනාව සහාය දක්වන බව උන්වහන්සේ අවධාරණය කර සිටියා. සමුළුව ඇමතූ ඥානසාර හිමියන් මෙසේ ද පැවසුවා. https://youtu.be/s3OV1O3rl5E
මෛත්‍රී විධායක බලයෙන් ඉනෝකා සත්‍යාංගනී බේරාගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කරයි!

මෛත්‍රී විධායක බලයෙන් ඉනෝකා සත්‍යාංගනී බේරාගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කරයි!

(නායක බණ්ඩාර) ජාතික රූපවාහිනියේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනීගේ පරිපාලන දුර්වලතා නිසා මේ වනවිට මාසිකව කෝටි 5ක පාඩුවක් සිදුවන බව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන දැන් ප්‍රසිද්ධියේ කියන්න පටන් ගෙන තිබෙනවා. එම කරුණු සැලකිල්ලට ගෙන ඉනෝකා සත්‍යාංගනී එම ධුරයෙන් ඉවත් කිරීමට තමා කිහිප අවස්ථාවක් උත්සාහ දැරුවද ජනාධිපතිවරයා එය වළක්වා ඇති බවද රුවන් විජේවර්ධන දැක් ප්‍රසිද්ධියේ හෙළිකිරීම සැසසිය යුතුයි. රුවන් පවසන අන්දමට ජාතික රූපවාහිනිය පාඩු ලබන සහ මහා භාණ්ඩාගාරයට බරක් වී තිබෙන ආයතනයක්. පසුගිය සතියේ ද රුවන් විසින් ජාතික රූපවාහිනියේ සභාපති ලෙස එහි හිටපු සේවකයකු වන කැළුම් පාලිත මහීරත්න පත්කරනු ලැබ තිබුණත් ඉනෝකාට ඇති ජනාධිපති පිහිට නිසා ඇය සභාපති පුටුවෙන් ඉවත් නොවී සිටියා. ඒ නිසා ජාතික රූපවාහිනියට ආව කැළුම් පාලිතට සිදුවූයේ ඩීජීගෙ කාමරයට වී කල් මැරීමටයි. ‍ දිගින් දිගටම තමාට එල්ලවන රුවන්ගේ ප
ජනාධිපතිවරණය හැකිතාක් පසු කරන ලෙස ශ්‍රී.ලං.නි.ප.ය මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි

ජනාධිපතිවරණය හැකිතාක් පසු කරන ලෙස ශ්‍රී.ලං.නි.ප.ය මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි

(නායක බණ්ඩාර) ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත දිනය හැකි උපරිම දිගු දිනය සේ ගෙන නම්කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. හිරු රූපවාහිනී නාලිකාවේ සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව හෙළි කළා. මහින්ද දේශප්‍රිය මහතා මෙහි දී පෙන්වා දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලය සිය කැමැත්තෙන්ම වසරක් අඩු කරගත් අයකු වන බැවින් ඔහුට එම ධුරයේ සිටීමට ඇති වසර 5ක කාලය හෝ උපරිමයෙන් සිටීමේ වරදක් නැති බවයි. ‍කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ සැප්තැම්බර් 15න් පසු ආසන්නතම දිනක ජනාධිපතිවරණයට නාමයෝජනා ගැනීම ආරම්භ කිරීමට බොහෝවිට ඉඩ තිබෙන බවයි. මීට අමතරව දෙසැම්බරයේ පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාග කාලසටහනේ යම් වෙනසක් සිදුකිරීමට අවශ්‍යනම් විභාග කොමසාරිස් ජනරාල්වරයා සමඟ සාකච්ඡා කොට එයද සිදුකිරීමට