The Leader of The Ceylon News
en en

බෝරා මුස්ලිම් ලෝක සමුළුව අගෝස්තු මුල ශ්‍රී ලංකාවේ

(ජනක සෙනෙවිරත්න)

ලෝක බෝරා මුස්ලිම්වරුන්ගේ සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතයි.

මුස්ලිම් ප්‍රජාව තුළ සිටින දිග රැවුල සහිත සාම්ප්‍රදායක මුස්ලිම් ධන කුවේරයන් සංවිධානගතව මෙලෙස එක්වන අතර, ශ්‍රී ලංකාව බෝරා මුස්ලිම්වරුන්ගේ ආගමනය සිදුව ඇත්තේ 18 වැනි සියවසේ අග භාගයේ දී බවයි පැවසෙන්නේ.  

එම සමුළුව අගොස්තු 01 වැනිදා සිට 10 වෙනිදා දක්වා කොල්ලුපිටියේ බෝරා මුස්ලිම් මහ පල්ලිය මූලික කරගනිමින් පැවැත්වීමට නියමිත අතර, මේ සඳහා ලොව පුරා වෙසෙන බෝරා මුස්ලිම්වරු 21000ක් පමණ පිරිසක් සහභාවී වීමට නියමිත වනවා.

අදාළ සමුළුව හෙතුවෙන් කොළඹට නුදුරු සියලු තරු පන්තියේ හෝටල් මේ වනවිට වෙන් කර අවසන් බවද වාර්තා වනවා.

පාස්කු ප්‍රහාරයත් සමඟ මේ වනවිට ලෝක මුස්ලිම් අවධානය ශ්‍රී ලංකාව වෙත යොමුව තිබෙන අතර, ලෝක මුස්ලිම් ලීගය සංවිධානය කළ වහාබ්වාදීන්ගේ සමුළුවක් ද පසුගිය දා කොළඹ නෙළුම් පොකුණේ දී රාජ්‍ය අනුග්‍රාහයද සහිතය පැවැත්වීම විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *