The Leader of The Ceylon News
en en

පළාත් සභා ඡන්ද විමසීම ගැන ජනපතිගේ තීරණයට එරෙහිව සුමන්තිරන් උසාවියට

(නායක බණ්ඩාර)

සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් නොකොට පැරැණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරණයාට නීතියෙන් ඉඩක් නොමැති බව සඳහන් කරමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා.

ඒ සීමා නිර්ණය කිරීමේ වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට නීතීයෙන් ඉඩක් තිබේදැයි විමසීමට ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරනු ලැබූ මතවිමසුමට මැදිහත් පෙත්සමක් ඉදිරිපත් කරමිනි.  

2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට අනුව සීමා නිර්ණය කටයුතු සිදුකිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බව  සුමන්දිරන් මන්ත්‍රීවරයා සිය මැදිහත් පෙත්සමෙන් පෙන්වා දෙයි. එම පනතට අනුව සීමා නිර්ණය කිරීමකින් තොරව පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට නීතියෙන් හැකියාවක් නොමැති බවට තීන්දු කරන මෙන් සුමන්තිරන් සිය පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලයි.

()

Leave a Reply

Your email address will not be published. Required fields are marked *