The Leader of The Ceylon News
en en

”රනිල් ඉල්ලුවොත් නියත වශයෙන්ම පරද්දනවා” අජිත් පී. පෙරේරා

(සරත් පෙරේරා)

ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුවහොත් ඔහු නියත වශයෙන්ම දේශපාලනිකව පරාජය කරන බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන ඇමැති අජිත් පී. පෙරේරා පවසනවා.

පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධීකාරී මණ්ඩලය එක්ව ඡන්දයක් තැබීමෙන් එය සිදුකළ හැකි බව ඔහු අවධාරණය කරනවා.

එක්සත් ජාතිත පක්ෂයේ සන්ධාන ක්‍රියාවලිය පිළිබඳ මාධ්‍යවේදීන් විමසූවිට ඔහු අවධාරණය කර සිටියේ අපේක්ෂකයා කලින් තෝරාගැනීමෙන් අනතුරුව එම නායකයා එළිදැක්වීම සන්ධානගතව සිදුකළ හැකි බවයි.

මෙහි දී පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡා කිරීමට පක්ෂ නායකයාගෙන් අවසර ලබාගත යුතුද යන්න මාධ්‍යවේදීන් විසින් විමසූවිට අජිත් පී. පෙරේරා පවසා සිටියේ ”ඒ කාලේඉවරයි දැන්” යනුවෙනි.

අද(19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියා. එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අජිත් පී. පෙරේරා පවසා සිටියේ මෙසේයි.

”එක්සත් ජාතික පක්ෂය කියන්නේ අපි. එක පුද්ගලයකුට තනි ආශාවන් අනුව කටයුතු කරන්න බෑනේ. කොහොමත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉල්ලනවා. ඉල්ලන ක්‍රමය පිළිබඳව තමයි දැන් තීරණය කරන්න තියෙන්නේ. සජිත් තමයි එන්නේ. සජිත් තමයි දිනන්නේ.”  

”අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයන් 77 දෙනාගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසකගේ අත්සන් සහිතව අපි ඉල්ලීමක් කළ නායකතුමාගෙන් දින 7ක් ඇතුළත මේ ප්‍රශ්නය විසඳා දෙන්න කියලා. දවස් 7ක් ඇතුළත මේ ප්‍රශ්නය විසඳුනේ නැත්නම් අපි අපේ විකල්ප දේශපාලන ක්‍රියාමාර්ගවලට යනවා.”  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *