The Leader of The Ceylon News
en en

දොස්තර සංගමය ලබන22 රට පුරා වැඩවරයි

(අශිනි සංජනා)

ලබන බ්‍රහස්පතින්දා(22) දින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමය පවසන්නේ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව සහ ස්ථානගතකිරීම්වල පවතින ගැටළු නිරාකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු නොකිරීමට එරෙහිව මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

අද(19) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් මේ බව පැවසුවා.

මෙම වර්ජන ක්‍රියාමාර්ගයට ද රජය ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වර්ජනයක් සිදුකිරීම දක්වා මෙම සටන ගෙන යන බව එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පවසනවා.

කෙසේ වෙතත් මෙම වැඩවර්ජනයේ දී අත්‍යාවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *