ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තරඟය අද..

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තරඟය අද..

SHARE

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තීරණාත්මක තරඟයක් අද(25) පැවැත්වෙනවා.

ඒ, බංග්ලාදේශයේ – මීර්පූර් හි පිහිටි ෂරේ බංග්ලා ක්‍රීඩාංගණයේදියි.

ආබාධයට ලක්වීම හේතුවෙන් කුසල් ජනිත් පෙරේරා තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් ධනංජයද සිල්වා අද(25) තරඟයට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ කුසල් ජනිත් ගේ ස්ථානයට දනුෂ්ක ගුණතිලක කැඳවීමට වැඩි ඉඩක් ඇති බවයි.

අද තරඟය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට පහසුවෙන්ම අවසන් මහා තරඟය සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව හිමිවනවා.