පේරාදෙණියේ සිසුන් නව දෙනෙක් 25 තෙක් රිමාන්ඩ්..

පේරාදෙණියේ සිසුන් නව දෙනෙක් 25 තෙක් රිමාන්ඩ්..

SHARE

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු එම පීඨයේම සිසුන් 09 දෙනෙකු මෙම මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඒ, ඔවුන් ඊයේ (23) මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.පසුගිය 15 වනදා එම විශ්වවිද්‍යාලයේ නවක වදයට එරෙහි සිසුන් පිරිසකට එයට පක්ෂපාතී සිසුන් පිරිසක් සිදුකළ පහරදීමක් හේතුවෙන් මෙම ගැටුම සිදුවූ බවයි පේරාදෙණිය පොලීසිය ප්‍රකාශයට පත්කළේ.

සිද්ධියෙන් තුවාල ලැබූ කළමනාකරණ පීඨයේ දෙවන වසරේ සිසුන් දෙදෙනා ප්‍රතිකාර ලබා පේරාදෙණිය රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් පිරිසක් විසින් පටිගත කරන ලද වීඩියෝ දර්ශන යොදාගනිමින් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.