දුම්රිය වර්ජනය අවසන්..

දුම්රිය වර්ජනය අවසන්..

SHARE

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ වර්ජනය මේ වනවිට අවසන් කර තිබෙනවා.

ඒ දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් අබේවික්‍රම සමඟ අද (24) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

තිරිංග දෝෂ සහිත චීන මැදිරි වලින් සමන්විත දුම්රිය ධාවනය කිරීමේදී සිදුවන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දුම්රිය ඉංජිනේරුවන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කිරීම සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන රියදුරන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට සාමාන්‍යාධිකාරිවරයා පොරොන්දුවීම හේතුවෙන් එම වර්ජනය අවසන් කළ බවයි සදහන් වන්නේ.

ඉල්ලීම් 04 ක් මුල් කර ගනිමින් ඊයේ(23) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවා.