ලිබියාවේ බෝම්බ පිපිරීමක් – 22ක් ජිවිතක්ෂයට

ලිබියාවේ බෝම්බ පිපිරීමක් – 22ක් ජිවිතක්ෂයට

SHARE

ලිබියාවේ බෙංගාසි නුවර දේවස්ථානයක් අසළ මෝටර් රථ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.

ඊයේ (23) සිදුවූ මෙම පිපිරීම්වලට ගොදුරු වී ඇත්තේ අදාළ දේවස්ථානයේ ආගමික වතාවත්වලට සහභාගි වී පිටතට පැමිණෙමින් සිටි බැතිමතුන් පිරිසක් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිප දෙනෙකු බවයි විදෙස් මාධ්‍ය වලින් වාර්තා වන්නේ.

පළමු මෝටර් රථ බෝම්බය දේවස්ථානයේ අසළ පුපුරා ගොස් ඇති අතර අනෙක් බෝම්බය පුපුරා ගොස් ඇත්තේ දේවස්ථානයට ආසන්න ප්‍රදේශයකයි.