උතුරු කොරියාව සහ දකුණු කොරියාව එකට එක්වෙයි..

උතුරු කොරියාව සහ දකුණු කොරියාව එකට එක්වෙයි..

SHARE

ක්‍රීඩාව යනු සතුරන් මිතුරන් බවට පත්කිරීමට ඇති වඩාත් උචිතම දේ බවට සනාථ කරවන පුවතක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කලක සිට ලෝකයේම අවධානය දිනාගත් රටවල් දෙකක් වන දකුණු කොරියාවේ සහ උතුරුකොරියාවේ සතුරුකම මිතුරුකමක් වීමට පටන්ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර ඇත්තේ.

ඒ එම රටවල් දෙකම එකම ධජයක් යටතේ ශීත ඔලිම්පික්‌ තරඟාවලියට එක්වීම සිදුවන බව ප්‍රකාශ කිරීමත් සමඟයි.

මේ අතර දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඔලිම්පික්‌ තරඟාවලියේ ක්‍රීඩා ඉසව් තුනක් වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 22ක් සහභාගී කරවීම සඳහා උතුරු කොරියාව පසුගියදා තීරණය කළා.එහිදී කාන්තා හොකී කණ්ඩායමට දෙරටේ ම ක්‍රීඩිකාවන් එක්කර ඒකාබද්ධ කණ්‌ඩායමක්‌ ලෙස ක්‍රීඩා කරන බවට ලෝක ඔලිම්පික්‌ සංගමය ප්‍රකාශ කර තිබීම මේ අතර තවත් විශේෂ තත්වයක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

එමෙන්ම උතුරු සහ දකුණු කොරියානු කණ්ඩායම් දෙකම සමාරම්භක උත්සවයේදී එක්ව පෙළපාලියේ ගමන් කිරීමට නියමිතයි.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාහ් කියා සිටියේ උතුරු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හිම මත ලිස්සායාම, ඇවිදීම සහ හොකී යන ඉසව් සඳහා ඉදිරිපත් වන බවයි.උතුර සහ දකුණු කොරියානු රාජ්‍යයන් මේ සමග දිගු ගමනක දැවැන්ත ඉදිරි පියවරක් තබා ඇති බව ඔහු කියා සිටියා.