දෙමළ ඩයස්පොරාවේ ප්‍රධානියෙක් හොර රහසේම ලංකාවට ඇවිත් !

දෙමළ ඩයස්පොරාවේ ප්‍රධානියෙක් හොර රහසේම ලංකාවට ඇවිත් !

SHARE

දෙමළ ඩයස්පෝරාවේ ඉතා ප්‍රබල සාමාජිකයකු වන ගෝලීය දෙමළ සංසදයේ සභාපති එස්.ජේ. එම්මෑනුවෙල් පූජකවරයා දැනට සතියකට පෙර ඉතා රහසිගතව ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

පසුගිය කාලයේ ජාත්‍යන්තර කොටිඩයස්පෝරාව සමග එක් වී ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට මූලිකව ඔහු කටයුතු කලේය. එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධව චෝදනා නැගූ ජාත්‍යන්තරරාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක වන යස්මින් සූකා සමග ද ඔහු සමීපව කටයුතුකරන්නෙකි.

එම්මෑනුවෙල් පූජකවරයා අප්‍රසිද්ධියේ කොළඹට පැමිණ ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රබල මන්ත්‍රීවරයකුගේ අනුග්‍රහය යටතේ බව දැනගන්නට ඇත.

රජය ළඟදී ඉදිරිපත් කිරීමට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දෙමළජාතික සන්ධාන ප්‍රධානීන් හා ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමට ඔහු සැලසුම්කර තිබූ බවද වාර්තා විය. මේ අතර පසුගියදා ඔහු උතුරේ සරසවි සිසුන්ද මුණගැසීඇත.