වංචා දූෂණවලට වගකිවයුත්තන්ට දඬුවම් ලබාදීමේ වගකීම පෞද්ගලිකවම බාරගන්නවා.. – ජනපති –

වංචා දූෂණවලට වගකිවයුත්තන්ට දඬුවම් ලබාදීමේ වගකීම පෞද්ගලිකවම බාරගන්නවා.. – ජනපති –

SHARE

වංචා දූෂණවලට වගකිවයුත්තන් හට දඬුවම් ලබාදීමේ වගකීම ජනාධිපතිවරයා ලෙස මෙන්ම පෞද්ගලිකවම ද තමා විසින් බාරගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පවසන්නේ බැඳුම්කර වංචාව මෙන්ම බරපතළ වංචා හා දූෂණ පිළිබඳව සොයාබැලීමට පත් කළ විමර්ශන කොමිසමේ කටයුතු නිසි අයුරින් සිදුවූ පරිදි එහි ඉදිරි ක්‍රියාමාර්ග ද තම පෞද්ගලික මැදිහත්වීම මත සිදුකරන බවයි.

පිටකොටුව එක්සත් ව්‍යාපාරික සංගමය සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී තවදුරටත් අදහදස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මහබැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාවේ පිටු අඩු වී ඇති බවට ඇතමුන් සිදුකරන චෝදනා පදනම් විරහිත බවයි.

පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු ඇතැම් අනුලේඛන නීතිමය කටයුතු හැකිතාක් දුරට නිම වන තෙක් ඒවායේහි රහස්‍යභාවය රැකිය යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී තිබේ.