ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපිට උණුසුම් තත්වයක්..

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපිට උණුසුම් තත්වයක්..

SHARE

නිලවරණය පැවැත්වෙන වෛද්‍ය සභාව ඉදිරිපිට අද(24) දහවල් උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
නිලවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ දෙදෙනෙකු අතර, ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසු ගැටුමක් හට ගත් බව සදහන්වේ.

මේ සම්බන්ධයෙන් අප මරදාන පොලීසියෙන් ද විමසීමක් කළ අතර, එහි නිලධාරියෙකු කියා සිටියේ අදාළ ස්ථානයට පොලිස් කණ්ඩායමක් යොමුකර ඇති බවයි. වෛද්‍ය සභාවට සාමාජිකයින් 4 දෙනෙකු තෝරා ගැනීම සඳහා ඊයේ(23) ආරම්භ වූ මෙම නිලවරණය අද(24) අවසන් වීමට නියමිතව තිබෙනවා.