ඇමරිකාවෙන් ඉරානයට නව සම්බාධක..

ඇමරිකාවෙන් ඉරානයට නව සම්බාධක..

SHARE

න්‍යෂ්ඨික ගිවිසුම අවදානමේ හෙළමින් ඉරානයට නව සම්බාධක පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුව තිබේ.
ජනාධිපති ට්‍රම්ප් ඉරානයට නව සම්බාධක පැනවීමට සූදානම් වන්නේ, ඉරානයට මෙතෙක් පනවා තිබූ සම්බාධක 2015 වසරේ ඇති කර ගත් න්‍යෂ්ඨික ගිවිසුමට අනුව ඉවත් කිරීමට නියමිතව තිබියදී ය.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම සැලසුම එරට භාණ්ඩාගාර ලේකම්වරයා මාධ්‍යට අනාවරණය කළේ ය.

ඔහු කියා සිටියේ, නව සම්බාධක ඉරානයේ ඉහළ පෙළේ නියෝජිතයින් ඉලක්ක කර හෝ පැනවීම ජනපති ට්‍රම්ප්ගේ අපේක්ෂාව බව ය.

කෙසේ වෙතත් න්‍යෂ්ඨික ගිවිසුම මේ හරහා බිඳ වැටීමේ අවදානම පිළිබඳව යුරෝපා බලවතුන් අමෙරිකාවේ අවධානයට යොමු කර තිබේ.

යුරෝපා බලධාරීන් අමෙරිකාවෙන් ඉල්ලා සිටින්නේ, ඉරාන න්‍යෂ්ඨික ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට සහය වන ලෙස ය.

නමුත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහස මෙම ගිවිසුමෙන් සම්පූර්ණයෙන් ඉවත් විය යුතුය යන්න බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කළේ ය.

NO COMMENTS

LEAVE A REPLY