සරත් ෆොන්සේකා වැටුප් දෙකක් ලබමින් අමුඅමුවේ ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරයි..

සරත් ෆොන්සේකා වැටුප් දෙකක් ලබමින් අමුඅමුවේ ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරයි..

SHARE

ව්‍යවස්ථාවේ යුද හමුදාවේ සක්‍රීය සේවයේ යෙදෙන්නකුට දේශපාලනය කළ නොහැකි බව සඳහන් වුවද, හමුදා වරප්‍රසාද ද භුක්තිවිඳිමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම අමුඅමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් යැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ෆීල්ඩ් මාර්ෂල් තනතුර හමුදාවේ ස්ථීර තනතුරක් බවත් එම තනතුර දරන පුද්ගලයා මිය යන තෙක් වැටුප් ගෙවන බවත්, සක්‍රීය සේවයේ යෙදෙන්නෙකු බවත් වීරසේකර මහතා පෙන්වා දෙයි.

මේ අතර විශේෂ කාර්ය බළකායේ සන්නද්ධ ආරක්ෂාව ඇතිව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දේශපාලන ප්‍රචාරණ කටයුතුවල යෙදීම හේතුවෙන් සෙසු පක්ෂවලට සිය දේශපාලන කටයුතු කරගෙන යෑමේදී පීඩනයක් එල්ල වී ඇති බව සදහන් කරමින් අපේක්ෂකයන් පිරිසක් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කිරීමට සූදානම් වෙයි.

යුද හමුදා ක්‍රියාන්විත රාජකාරියේ සිටිමින් දේශපාලන කටයුතුවල නිතරවීම ව්‍යවස්ථාවට පටහැනි බව දන්වමින් හමුදා ප්‍රධානීන් පිරිසක් සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතාද දැනුවත් කර ඇති බව පැවසේ.