Video: ආර්ථික වැඩපිළිවෙලේ ප්‍රමාදයක් උනානම් උනේ කුහක ශ්‍රීනිප ඇමතිලා නිසා – නලින්...

Video: ආර්ථික වැඩපිළිවෙලේ ප්‍රමාදයක් උනානම් උනේ කුහක ශ්‍රීනිප ඇමතිලා නිසා – නලින් බණ්ඩාර

SHARE

 

 

 


මත්තල ගුවන්තොටුපල, හම්බන්තොට වරාය බලන්න නිරීක්ෂණ චාරිකාවක් ගිය අවස්ථාවේ පිස්තොලෙකින් වෙඩි තබන්න ආව එරාජ් ප්‍රනාන්දු ඉන්නේ මෛත්‍රීගේ ඔඩොක්කුවේ බවත් ගුරුවරියක් දන ගස්සපු ආනන්ද සරත්කුමාර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආනමඩුව සංවිධායක බවත් විදුහල්පතිනියක් දන ගස්සපු ඌව මහඇමති චාමර සම්පත්ද ඉන්නේ මෛත්‍රිපාල ජනාධිපතිවරයා ලග බවත්  එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. පළාත්පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය කළුතර මිල්ලෙනිය ප්‍රදේශයේ සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික වැඩ පිළිවෙල නොතිබුනානම් ආර්ථිකය හතර ගාතේ දාලා වැටීමට ඉඩ තිබූ බවත් මේ අවුරුදු දෙකේ ආර්ථික වැඩපිළිවෙලේ ප්‍රමාදයක් උනානම් උනේ කැබිනට් එකේ ඉන්න කුහක ශ්‍රීනිප ඇමතිලා නිසා බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසීය.