ඇමති මංගලගේ ජිවිතයට තර්ජනයක්

ඇමති මංගලගේ ජිවිතයට තර්ජනයක්

SHARE

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අමාත්‍යංශ ගොඩනැගිල්ලේ විදුලි සෝපානය කඩාවැටීමේ අවධානමක පවතිනවා. ඒ හේතුවෙන් අමාත්‍යවරයාගේ සහ අමාත්‍යංශ සේවකයන්ගේ ජීවිතවලට මෙන්ම යාබද මහාමාත්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ ජිවිතද අවදානමකට ලක්වී තිබෙනවා.

ගොඩ නැගිල්ල ඉදිකිරීමෙන් පසුව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ කාලයේදී මෙම විදුලි සෝපානය ගොඩනැගිල්ලට පිටතින් සවිකර ඇති අතර, එම ඉදිකිරීම නියමිත ප්‍රමිතියෙන් තොර වුවක් හේතුවෙන් මේ වන විට පුපුරා ගොස් කඩා වැටීමට ආසන්න තත්වයක පසුවෙනවා. අමාත්‍යංශයේ සේවකයින් ගොඩනැගිල්ලේ විදුලි සෝපානය ආශ්‍රිත කාර්යාලවලින් ඉවත්ව වෙනත් ස්ථානවලට වී සේවය කරන බවයි ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ. යාබද පාසලේ සිසුන්ද එම ප්‍රදේශයෙන් ඉවත් කර තිබෙනවා.

මෙය කඩා වැටි ජිවිත හානි සිදුවීමට පෙර ඊට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන්ගේ අවධානය මෙතෙක් යොමු වී නොමැති වීම කණගාටුවකට කරුණක් බවයි සේවකයින් ප්‍රකාශ කර සිටින්නේ.