ආණ්ඩුව සැබෑ බැඳුම්කර හොරු ආරක්ෂා කර රවීගේ ගෙයක් ගැන හොයනවා – විමල්...

ආණ්ඩුව සැබෑ බැඳුම්කර හොරු ආරක්ෂා කර රවීගේ ගෙයක් ගැන හොයනවා – විමල් විරවංශ

SHARE

බැදුම්කර කොමිසම පත්කල වෙඩික්කරුවෝ දෙවැනි වතාවටත් තමන්ගේ ඉලක්කය වරදවාගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සදහන් කරයි.

බැදුම්කර ගණුදෙනුවට කිසිසේත් සම්බන්ධයක් නොමැති රවී කරුණානායක මහතා ලබාගත් නිවසක් ගැන අනාවරණය කිරීම බැඳුම්කර හොරු සෙවීමක් නොවන බව පවසා සිටි විරවංශ මහතා මෙම කොමිසමේ වාර්තාවෙන් ඉලක්ක කර ඇත්තේ අල්ලගන්න ඕන අයව නොවන බවත් සඳහන් කර සිටියා. ආණ්ඩුවේ ප්‍රධානියා සිටින්නේ කොමිසන් සභා වාර්තා ගැන රට දැනුවත් කිරීමට නොවන බවත් ආණ්ඩුව සිදුකරන්නේ සැබෑ හොරුන් ආරක්ෂා කිරීම බවත් හෙතෙම අවධාරණය කර සිටියා.