බලු රැළක් සමඟ ඉස්සරහින් යනවට වඩා සිංහ රැළක් සමඟ පිටිපස්සෙන් යෑම හොඳයි...

බලු රැළක් සමඟ ඉස්සරහින් යනවට වඩා සිංහ රැළක් සමඟ පිටිපස්සෙන් යෑම හොඳයි – ජනාධිපති

SHARE

යහපාලන රජයේ ජනපතිකමට වඩා මහින්ද රජයේ ඇමතිකම හොදයි කියලද මේ කියන්නේ

බලු රැළක් සමඟ ඉස්සරහින් යනවට වඩා සිංහ රැළක් සමඟ පිටිපස්සෙන් යෑම හොඳ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ඒ ඊයේ (22දා) මහනුවර පොදු වෙළෙඳපොළ ඉදිරිපිටදී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජන හමුවකට සහභාගි වෙමින්ය.

පළමුව කළ යුත්තේ මහ බැංකු වංචාවට සම්බන්ධ සියලු දෙනා හිරේ දැමීමට කටයුතු කිරීම බවත් ඊට පසුබට නොවන ලෙස අගමැතිතුමාට පවසන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ සියලු දෙනාගෙන්ම ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ හොරු අල්ලා ගැනීමට තමන් දුර්වල නොකරන ලෙසත්, තමන්ට ශක්තිය දෙන ලෙසත්ය. වැඩිදුරටත් අවධාරණය කෙළේය.