අයථා ලෙස මුදල් සහ දේපල ඉපැයීම සම්බන්ධයෙන් විමල් වීරවංශට අධි චෝදනා..

අයථා ලෙස මුදල් සහ දේපල ඉපැයීම සම්බන්ධයෙන් විමල් වීරවංශට අධි චෝදනා..

SHARE

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ අද අධි චෝදනා භාර දුන්නේ ය.
ඒ, අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ සිය වැටුපෙන් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපලවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ ය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊට අදාළව විත්තිකාර විමල් වීරවංශ මහතාට එරෙහිව නඩු පවරනු ලැබී ය.

අද එම නඩුව කැඳවූ අවස්ථාවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, අදාළ චෝදනාවලට තමා නිවැරදිකරු බව ය.

ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට තීරණය කළ මහාධිකරණය පෙබරවාරි 19 වන දා යළි නඩුව කැඳවීමට ද නියෝග කළේ ය.

NO COMMENTS

LEAVE A REPLY