රජයේ සල්ලිවලින් හැදූ කනකපුරම් කොටි සොහොන උද්භිද උද්‍යානයක් ලෙස නම් කෙරලා

රජයේ සල්ලිවලින් හැදූ කනකපුරම් කොටි සොහොන උද්භිද උද්‍යානයක් ලෙස නම් කෙරලා

SHARE

පසුගිය නොවැම්බර් 27 වැනිදා කොටි මහවිරු දිනය සැමරීම නිමිත්තෙන් කිලිනොච්චිය දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි එස්. ශ්‍රී ධරන් මහතා විමධ්‍යගත අරමුදල යටතේ රුපියල් ලක්ෂ 40ක වියදමින් කොටි මහවිරු සොහොන ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹූ අතර එම මුදල් වෙන් කරවාගෙන ඇත්තේ අදාළ කනකපුරම් මහවිරු සොහොන උද්භිද උද්‍යානයක් වශයෙන් පිළිසකර කිරීමට බවට කරච්චි ප්‍රාදේශීය සභාව කියා සිටී.

එහෙත් අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු නවතා මන්ත්‍රිවරයකුට ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන භාවිත කොට එල්.ටී.ටී.ඊ සංවිධානයේ සොහොන් බිමක් පිළිසකර කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යවරයා විසින් වාර්තාවක් කැඳවීමත් සමඟ එය උද්භිද උද්‍යානයක් ලෙස නම්කොට ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
කරච්චි ප්‍රාදේශීය සභාව හා කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවසරය මත මෙම මහවිරු සොහොන අගෝස්තු මස 08 වැනිදා ප්‍රතිසංස්කරණය ආරම්භ කරනු ලැබූ අතර එය වටා තාප්පය මේ වන විට අඩි 1200ක් පමණ ඉදිකරමින් පවතින අතර එය කනකපුරම් උද්භිද උද්‍යානය ලෙස නම්කොට තිබේ.

NO COMMENTS

LEAVE A REPLY