ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ගාල්ලේදී

Sport News
9

(ගයාන් කෞෂල්‍ය)

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට(14) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වන්නේ වසර 7 කට පසුවයි. ඔවුන් එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගයක් අවසන් වරට ජයගෙන ඇත්තේ පසුගිය 2012 වසරේ දී.‍

දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 34 ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 15 ක් නවසිලන්තය ජය ගෙන ඇති අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන ඇත්තේ තරග සංඛ්‍යාව 8 ක් පමණයි. මුළු තරග සංඛ්‍යාවෙන් තරග 11ම අවසන් වී ඇත්තේ ජය පරාජයෙන් තොරවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *