විශේෂ අධිකරණයෙන් මට එරෙහි චෝදනා විභාග කරන්න – ගෝඨාභය රජයට කියයි

විශේෂ අධිකරණයෙන් මට එරෙහි චෝදනා විභාග කරන්න – ගෝඨාභය රජයට කියයි

SHARE

යෝජිත විශේෂ අධිකරණ පද්ධතිය ක්‍රියාවට නන්වන්නේ නම් පළමුව තමන්ට එරෙහිව තිබෙන චෝදනා විභාගයට ගන්නා ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (10 දා) පැවසීය.

බිබිල මැදගම ප්‍රදේශයේ විහාරස්‌ථානයක ඊයේ (10 දා) පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේය.

එහිදී හෙතෙම මෙසේද කීවේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේදී ත්‍රස්‌තවාදයත් අවසන් කර මත් කුඩු උවදුරත් නැති කළා.

එහෙත් අද වනවිට රට පුරා පැතිර යන කුඩු ප්‍රශ්න දෙස බැලීමේදී පවතින රජයේ නොහැකියාව නිරූපණය වනවා.

පවතින තත්ත්වය කෙසේ වෙතත් අද වනවිට හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් බන්ධනාගාර පිරී පවතින අතර වැරදි කරන පුද්ගලයන්ට දඬුවම් දීමට රජය ඉදිරිපත් වන බවක්‌ දක්‌නට නොමැති බවද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා චෝදනා කළේය.

2020 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වෙන්නේ දැයි මෙහිදී මාධයවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඒ මහතා පැවසුවේ එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කරනු ඇති බවයි.