ලිපි යැව්වට “අපි භය නෑ” ඥානසාර හිමි අවධාරණය කරති.

ලිපි යැව්වට “අපි භය නෑ” ඥානසාර හිමි අවධාරණය කරති.

SHARE

images

මුස්ලිම් කවුන්සිලයට කියන්න ඇත්තේ තමන් වහන්සේට එරෙහිව පොලිස්පතිවරයාට යොමුකළ ලිපියේ පිටපතක් රොබර්ට් මොහොමඩ් හරහා අල්ලාහ් දෙවියන්ටත් යවන්න කියා යැයි බොදුබල සේණා සංවිධානයේ මහා ලේකම්,රාජකීය පණ්ඩිත පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ(26වැනිදා) පැවසුහ.

එවැනි ලිපි කුමන තරාතිරම පුද්ගලයකුට යැව්වත් “අපි භය නෑ”යැයි පැවසු උන්වහන්සේ නිකන් ඉල්ලගෙන කන්න ලෑස්ති නොවන්නැයි එම සංවිධානයෙන් ඉල්ලීමක් කලෝය.

මේ රට අතීත මුතුන්මිත්තන්ගේ ලේ දහඩියෙන් ගොඩ නැගුනු සිංහල බෞද්ධයන්ගේ රට බව සිහිපත් කල ඥානසාර හිමියෝ මේ සව්දි අරාබියවත්,එක්සත් අරාබි එමීර් රජ්‍යවත්, පකිස්තනයවත් සහ ඇෆ්ගනිස්තනයවත් නොවන බව සිහිපත් කර සිටියහ.

මේ රට කොල්ලකන්න සිටින අයට කියන්න ඇත්තේ රට,ජාතිය,සහ ආගම රැකගැනීමට තමන්වහන්සේලා එදත්,අදත්,සහ හෙටත් නොභියව, නොපැකිලිව කටයුතු කරන බව යැයිද ඥානසාර හිමි කිහ.
කුරානය ගැන දන්නා තමන් වහන්සේලාට කථා කරන හැටි උගන්නන්නවත්,සංහිදියාව හා සහජීවනය ගැන කියදෙන්නවත් මුස්ලිම් සංවිධාන එන්න අවශ්‍ය නැති බවත් උන්වහන්සේ අවධාරණය කළෝය.