”රනිල් ආවත් කොබෙයියා- සජිත් ආවත් කොබෙයියා”

Top Line
10

‍(කැළුම් විතානගේ)

රිෂාඩ් බදියුදීන් වැන්නන් සිටින ආණ්ඩුවක තමා නොසිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ගම්මන්පිල අවධාරණය කරන්නේ ගෝඨාභය යටතේ ඉදිරියේ දී හැදෙන ආණ්ඩුවකට කවුරු ගන්නවාද නැද්ද තීරණය කරන්නේ පක්ෂ නායකයන් වුණත් රිෂාඩ් බදියුදීන්ගේ සහාය ගන්නා අපේක්ෂකයකුට තම සහාය නොලැබෙන බවයි.   

ඔහු මේ බව කීවේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ දී අද (12දා) පැවැති මාධ්‍ය හමුවක දී.

“අපි දැක්කා අගමැතිතුමන්ට තෙලෙන් බැද්දත් කොබෙයියා කියන රබන් පදය මතක් වෙලා තිබුණා. ඕක ඉතින් මම දෙසතියකට පමණ පෙර කීව රබන් පදයක්. ඒ නිසා අගමැතිතුමා කියපු රබන් පදයට ඒ රබන් පදයෙන්ම උත්තර දෙන්න අපි කැමතියි. 

”රනිල් ආවත් කොබෙයියා. 
සජිත් ආවත් කොබෙයියා.  
කරු ආවත් කොබෙයියා. 
කවුරු ආවත් කොබෙයියා.  
කොබෙයියා බොල කොබෙයියා. 
එජාපයෙන් කවුරු ආවත් එකම ප්‍රතිඵලයමයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *