මීළඟ පාර්ලිමේන්තු සැසියේදී පෙරළියක්‌?

මීළඟ පාර්ලිමේන්තු සැසියේදී පෙරළියක්‌?

SHARE

මැයි 08 දා පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළොත් ඊට ඡන්දයක්‌ ඉල්ලා සිටීමේ අයිතිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇතැයි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා ප්‍රකාශ කළේය.

යම් හෙයකින් එම ඡන්ද විමසීමේදී ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජයට පත් වූවොත් ඇමැති මණ්‌ඩලය විසුරුවා හැර අලුත් ඇමැති මණ්‌ඩලයක්‌ පත් කිරීමට ජනාධිපතිවරයාට සිදුවන බව ද හෙතෙම ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයාට මෙම 08 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරමින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ නොකර සිටීමේ අයිතිය ඇතැයිද කී හෙතෙම ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ කළොත් ඊට ඡන්දයක්‌ ඉල්ලා සිටීමට මන්ත්‍රීවරුන්ට හැකි බවද කීවේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ හතළිස්‌ අටවැනි වගන්තියට අනුව ආණ්‌ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ සම්මත කළහොත් හෝ අයවැය විසර්ජන පනත් කෙටුම්පත හෝ ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ ප්‍රතික්‍ෂේප කළහොත් ඇමැති මණ්‌ඩලය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට සිදු වේ.