මැතිවරණ කොමසාරිස් ඉල්ලා අස්වෙන්න යයි !

මැතිවරණ කොමසාරිස් ඉල්ලා අස්වෙන්න යයි !

SHARE

2018 වසරේ දෙසැම්බර් 31 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකිවුවහෙත් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ‘නෙත් නිව්ස්‘ සමග අදහස් දක්වමිනි.

පළාත් පාලන සංශෝධන පනත් කෙටුම්පත ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී සම්මත විය. එසේම, පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත ද ඉකුත්දා සම්මත වුණේ තුනෙන් දෙකක
බහුතර බලයකිනි.

මේ අතර ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ ලබන වසරේ මාර්තු වනවිට පවත්වා අවසන් කළ හැකි බවයි.

පළාත් පාලන මැතිවරණ ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට ආණ්ඩුව දැනටමත් තීරණය කර ඇත.

NO COMMENTS

LEAVE A REPLY