ප්‍රියානි ජයසිංහ කතුරකින් ඇන ඝාතනයට ඇයගේ සැමියා අත්අඩංගුවට

ප්‍රියානි ජයසිංහ කතුරකින් ඇන ඝාතනයට ඇයගේ සැමියා අත්අඩංගුවට

SHARE

ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ කතුරකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පානදුර දුම්රිය ස්ථානයේ සිටියදී බවයි වාර්තාවේ. පානදුර – කුඩාඅරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ඇය ඊයේ (08) රාත්‍රි 8.45 ට පමණ සැමියා විසින් ඝාතනය කොට ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.

ඔහු ප්‍රදේශය අතහැර පලාගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් දෙදෙනා අතර වසරක පමණ කාලයක සිට නිතර නිතර ගැටුම් පැවති බව වාර්තාවේ.