ජනපතිගෙන් “ෆැෂන් බග්” වෙත සම්මානයක්

ජනපතිගෙන් “ෆැෂන් බග්” වෙත සම්මානයක්

SHARE

ෆැෂන් බග් ආයතනය වෙත විශේෂ සම්මානයක්‌ ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඔක්‌තෝබර් 4 වන දින ජනාධිපති කාර්යාලයේදී සිදු කරන ලදී.

දිවයින පුරා විලාසිතා ප්‍රදර්ශනාගාර 16 කට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිමිඇඳුම් වෙළෙඳ ආයතනයක්‌ වන ෂන් බග් ආයතනය විසින් ක්‍රියාත්මක කරන සමාජ සත්කාරක ව්‍යාපෘතින් අගය කරමින් මෙම සම්මානය ඔවුන් වෙත ප්‍රදානය කෙරුණේ ඔක්‌තෝබර් 10 වන දිනට යෙදෙන ලෝක මානසික සෞඛ්‍යය දිනය සැමරීම වස්‌ Consumer Action Network Mental Health Lanka (CANMH Lanka)) ආයතනයේ මූලිකත්වයෙනි.

ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ප්‍රදානය කල මෙම විශේෂ සම්මානය ෆැෂන් බග් ආයතනය වෙනුවෙන් ලබා ගත්තේ ෆැෂන් බග් හි අධ්‍යක්‌ෂක ෂබිර් සුබේන් මහතා සහ ෆැෂන් බග් හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආචාර්ය එස්‌. එච්. එම් ෆරාස්‌ මහතාය.