ගම්මන්පිලගෙන් අජිත් පී පෙරේරාට අනතුරු ඇගවීමක්…

ගම්මන්පිලගෙන් අජිත් පී පෙරේරාට අනතුරු ඇගවීමක්…

SHARE

gammanpila_ceylonleaderඅතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලය ලංකාවේ පිහිටුවීම පිළිබඳ යෝජනාවලියට විරුද්ධව ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුල විරෝදතාවයක නියැළුන අතරතුර කතානායකවරයා විසින් විවාදය ඇරඹීමට මංගලට ආරාධනා කරද්දී ඒකාබද්ධයේ මන්ත්‍රීවරු මංගලට එරෙහිව සටන් පාඨ කීම ඇරඹූහ. උදය මංගල ඉදිරියේ ආසන්නයට ගොස් සරදම් සිනාවක් සමඟ මංගල දෙස බලා සිටියේය. මංගල දෙස උදය බලා සිටින අයුරින් මංගල කැලඹී සිටින බව තේරුම් ගත් අජිත් පෙරේරා උදයව තල්ලු කර එතැන සිට ගත්තේය. එවිට උදය ආපසු හැරී ‘ඔයාට තිබෙන බලය මොකක්ද මාව තල්ලු කරන්න’යි අජිත්ගෙන් විමසීය. ‘ඔතැන හිටගෙන ඉන්න ඔයාට බලයක් නෑ’ යි අජිත් පිළිතුර දෙද්දී ‘මම මෙතැන ඉන්නවාද නැද්ද කියලා කතානායක තීරණය කරාවි. තල්ලු කිරිලිවලට එන්න එපා යැයි උදය අජිත්ට අනතුරු ඇඟවූයේය. ඇයි ඔයා මට ගහන්න දැයි අජිත් තර්ජනාත්මකව උදයගෙන් ඇසීය. එවිට සිනාසෙමින් උදය පැවැසුවේ ‘මම කවදාවත් ගහගෙන නෑ. හැබැයි ගැහුව්වොත් නිකන් ඉන්නෙත් නෑ.’ කියාය. මේ ගැටුම දුටු මලික් සහ කෙහෙලිය පැමිණ දෙදෙනාව දෙපැත්තට එකතු කරගෙන ගියේ ඇතිවන්නට ගිය ගැටුමක් යන්තමින් සමතයකට පත්කරමිනි.

NO COMMENTS

LEAVE A REPLY