කෝකිලායි පන්සල හදමින් සිටි හමුදාව ඉවත් කරන්න තරම් නිවට උනේ ඇයි ජනාධිපතිතුමනි...

කෝකිලායි පන්සල හදමින් සිටි හමුදාව ඉවත් කරන්න තරම් නිවට උනේ ඇයි ජනාධිපතිතුමනි – ඥානසාර හිමි විමසයි

SHARE

දිගින් දිගටම සිංහල ජනතාවට එරෙහිව එල්ලවන තර්ජන පිලිබදව ගෙන ඇති පියවර කුමක්දැයි බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියා. සිංහල උත්සවලට පැමිණ සංහිදියාව රකින ලෙසට වැදිබණ කියන ජනාධිපතිවරයා උතුරට ගොස් නොන්ජලයකු සේ පැමිණෙන බවත් විධායක ජනාධිපති දූරය තවදුරටත් කුමටද, ළමයකුට ජනාධිපතිකම ලබාදෙන ලෙසටත් ප්‍රකාශ කර සිටියා.

මුලතිව්, කෝකිලායි විහාරස්ථානය ගොඩනැගීම සදහා හමුදාවෙන් ලබාදුන් ශ්‍රමය වහාම ක්‍රියාත්මකවන පරිදි නවතා දමා ඇති බව මෙහිදී හෙලිදරවුකල ඥානසාර හිමි “මොකද්ද සිරිසේන මහත්තයෝ, මොකද්ද රනිල් මහත්තයෝ, තියෙන මේ නිවටකම සහ මොකද්ද සිංහලයන් එක්ක තිබෙන ප්‍රශ්නය, පන්සල හදමින් සිටි සිංහලයන් ඉවත් කරන්න” යැයි සදහන් කර සිටියා.