ඇමරිකාව කුපිත කරවමින් තවත් න්‍යාෂ්ඨික අත්හදා බැලීමක්..! උතුරු කොරියාව 3.3 කින් හෙල්ලෙයි..

ඇමරිකාව කුපිත කරවමින් තවත් න්‍යාෂ්ඨික අත්හදා බැලීමක්..! උතුරු කොරියාව 3.3 කින් හෙල්ලෙයි..

SHARE

උතුරු කොරියාවේ උතුරු හම්යොන්ග් පළාතේ රිච්ටර් පරිමාපකයේ 3.30කින් යුත් භූමි කම්පාවත් සිදුවී තිබෙනවා.

චීනයේ ෂිංහුවා පුවත් සේවය වාර්තා කරන්නේ ඊයේ (23) ඇතිවූ මෙම භූමිකම්පාව උතුරු කොරියානු න්‍යාෂ්ඨික අත්හදා බැලීමේ ප්‍රදේශයක් ආසන්නයේ සිදුව ඇති බවයි.

සැකකටයුතු පිපිරීමක් සිදුව තිබෙන බවත්, මෙම භූමිකම්පාවට හේතුව තවත් න්‍යෂ්ඨික අත්හදාබැලීමක් විය හැකි බවත් ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා සැකපල කර තිබෙනවා.

අමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර මෑත සති කිහිපය තුළ වාග් සංග්‍රාමය උත්සන්න වෙමින් තිබියදී සිදුවූ මෙම පිපිරීමත් සමග දෙරට අතර යුධ උණුසුම තීරණාත්මක තැනකට පැමිණෙනු ඇති බවයි විචාරකයන් සදහන් කර තිබෙන්නේ.

මේ අතර අමෙරිකානු බෝම්බ ප්‍රහාරක යානා උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළබඩ තීරය සමීපයට පියාසර කළ බව පෙන්ටගනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

NO COMMENTS

LEAVE A REPLY