ආණ්ඩුව පෙරළා දමන බව විපක්ෂ නායක කියයි

ආණ්ඩුව පෙරළා දමන බව විපක්ෂ නායක කියයි

SHARE

රජය විසින් උතුරේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම සදහා රජය අපොහොසත් වුවහොත් ඉදිරි ඕනෑම මැතිවරණයකදී ආණ්ඩු විරෝධී ඕනෑම බලවේගයක් සමගින් එකතු වී ආණ්ඩුව පෙරළා දමන බව විපක්ෂ නායක හා දෙමල ජාතික සන්දාන නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී උතුරේ ජනතාව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට පත් කිරීම සදහා පූර්ණ සහය දුන්නද ඒ සදහා ඔවුනට දුන් ‍පොරොන්දු ඉටු කිරීමට මේ වන තෙක් ක්‍රියාකර නැති නිසා කලකිරීමෙන් සිටින්නේ යයිද ඔහු කියයි.

පසගුය පළාත් පාලන මැතිවරණයේදීද පෙන්වා ඇත්තේ උතුරේ ජනතාව රජය සමග තිබෙන කලකිරීම යයිද ඔහු පෙන්වා දෙයි.