අලුතින් පක්ෂයක් හැදුවොත් ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට තම දූරය අහිමිවේ….????

අලුතින් පක්ෂයක් හැදුවොත් ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට තම දූරය අහිමිවේ….????

SHARE

ඒකාබද්ධ විපක්‍ෂය අලුත් පක්‍ෂයක්‌ ගොඩනඟන කතාව මේ වන විට පරණ කතාවකි. මීට වසරක පමණ කලකට පෙර සිට විවිධ මුහුණුවරවලින් මේ අලුත් පක්‍ෂයේ කතාව කරළියට ආවත් එය යථාර්ථයක්‌ වන දවසක්‌ ආවේ නැත. එහෙත් පසුගිය සතියේ එම කතාවම වෙනත් මුහුණුවරකින් එළියට පැමිණියේය. ඒකාබද්ධ විපක්‍ෂය තුළ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජිකයෝ වෙනම පක්‍ෂයක්‌ පිහිටුවාගෙන එය තුළින් නව ඒකාබද්ධ සන්ධානයක්‌ ගොඩනැඟීම තම බලාපොරොත්තුව බව පක්‍ෂයේ ඉහළ පෙළේ නායකයෝ කිහිප දෙනෙක්‌ම කියන්නට පටන් ගත්හ. මේ නිසා ගෙවී ගිය දින කීපය තුළ ඒකාබද්ධ විපක්‍ෂයේ අලුත් පක්‍ෂය ගැන රටේ අලුත් බලාපොරොත්තු පැන නැගෙන්නට පටන් ගත්තේය.

මේ අලුත් පක්‍ෂය පිළිබඳ ආරංචියෙන් අපේ රටේ නොසතුටට පත් පිරිසක්‌ද සිටියහ. ඒ වූකලී නිල ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කණ්‌ඩායමයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වටා ගොනු වී සිටින මේ කණ්‌ඩායම බලා සිටියේ ඒකාබද්ධ විපක්‍ෂය විසින් කවර හෝ බලවේගයක්‌ පිහිටුවාගෙන ප්‍රසිද්ධියට පත්වූ වහාම පක්‍ෂයේ විනය ක්‍රියාමාර්ග පටිපාටිය ක්‍රියාවට නැගීමටය. මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කළ ඇතැම් නායකයෝ කීවේ ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරු අලුත් පක්‍ෂය බිහිවීමත් සමඟම මන්ත්‍රීකම් ආපසු බාරදී ගෙදර යන්නට සූදානම් වී සිටිය යුතු බවයි.

මේ නිසා අලුත් පක්‍ෂය සෑදීම ඒකාබද්ධ විපක්‍ෂයට ලොකු අභියෝගයක්‌ව තිබුණ බවට පැහැදිලි විය.

කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ සිටින මහින්දවාදී කොටස්‌ මෙම ආරංචිය නිසා දේශපාලනිකව ලැබූයේ ලොකු උත්තේජනයකි. පසුගිය කාලයේ දිගින් දිගටම විරෝධතා පෙළපාලිවල, පා ගමන්වල, මැයි රැලිවල හා ලොකු කුඩා රැස්‌වීම්වල ක්‍රියාකාරීව හැසිරෙමින් රජයට එරෙහිව ලොකු විරෝධයක්‌ ගොඩනඟන්නට සම්බන්ධ වූ මේ කණ්‌ඩායම් බලා සිටියේ තමන්ට ගොනු වන්නට වෙනම දේශපාලන පක්‍ෂයක්‌ ලැබෙන තුරුය. පසුගිය සතියේත්, මේ දේශපාලන බලවේගවල ක්‍රියාකාරකම් ඉහළම තලයේ උණුසුමකින් අපට දැකගත හැකි විය.

NO COMMENTS

LEAVE A REPLY